ප්‍රමුඛ පුවත 1

IMF උපදෙස් අනුවම ක්‍රියාත්මක නොවී ජනතාවට සහන දෙන්න – මහින්ද රාජපක්ෂ

(UTV| කොළඹ) – ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) උපදෙස් අනුවම ක්‍රියාත්මක නොවී ජනතාවාදී වන ලෙසටත් බඩු මිල සහ බදු බර අඩු කරමින් රටේ ජනතාවට සහන ලබාදෙන ලෙසටත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා සිටී.

ඒ, මුදල් ඇමති මංගල සමරවීර විසින් ඉදිරිපත් කළ අතුරු සම්මත ගිණුමට අදාල පාර්ලිමේන්තු විවාදයේදී අදහස් දක්වමිනුයි.

එමෙන්ම පාලකයන් වශයෙන් මෙම සහන ජනතාවට ලබානොදීම පිළිබඳව නිදහසට කරුණු නොමැති බවත් මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ මහතා සදහන්කර සිටියේ තමන් ආණ්ඩුව භාර ගනිද්දි රට දැඩි අස්ථාවරභාවයක තිබූ බවත් පසුගිය කෙටි කාලය තුලදී ජනතාවට සහන ලබා දීමට හැකියාව ලැබූ බවත්ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ඊයේ වාර්තා වු ආසාදිතයින්ගෙන් වැඩි පිරිසක් නාවික හමුදා සාමාජිකයින්

Mohamed Dilsad

බරපතළ වංචා පිලිබඳ වාර්තා 3ක් ජනපතිට

Mohamed Dilsad

ඉදිරි කාලගුණ තත්ත්වය පිළිබඳව සැලකිලිමත් වෙන්නැයි උපදෙස්

Mohamed Dilsad

Leave a Comment