ප්‍රමුඛ පුවත 1

ගංවතුරෙන් විපතට පත් ජනතාවට වන්දි ලබාදීමට ජනපතිගෙන් උපදෙස්.

 

(UTV| කොළඹ) – උතුරු පළාත් ආරක්ෂිත කඳවුරුවල සිට නැවත පදිංචියට යන ජනතාවට හානි පූරණය කිරීම හා වන්දි ලබාදීමේ වැඩසටහනක් කඩිනමින් ක‍්‍රියාවට නංවන ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා  උතුරු පළාත් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

මේ වනවිට උතුරු පළාතේ කිළිනොච්චිය හා මුලතිව් යන දිස්ත‍්‍රික්ක දැඩි ගංවතුර තර්ජනයට මුහුණ පා ඇති අතර එහි ජනතාවට සහන සැලසීමේ කටයුතු ඊයේ (25) සිදුවුණි.

අවතැන් වූ ජනතාවට අවශ්‍ය ආහාරපාන, වියළි සලාක, පානීය ජලය සහ සනීපාරක්ෂක පහසුකම් ආදිය සියල්ල ලබාදීමේ කටයුතු ක‍්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයා  වැඩිදුරටත් උපදෙස් ලබාදී ඇත.

මේ වනවිට කිළිනොච්චි සහ මුලතිව් දිස්ත‍්‍රික්ක දෙකෙහි පවුල් 18638කට අයත් පුද්ගලයින් 60669ක් අවතැන් වී ඇති අතර, ඔවුන්ව අවතැන් කඳවුරු 37ක රඳවා තිබේ.

පූර්ණ නිවාස හානි 26 ක් සහ අර්ධ හානි 114 ක් එම ප‍්‍රදේශවලින් වාර්තා විය.

[alertcolor=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarkercolor=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් >utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

අර්ජුන් මහේන්ද්‍රන් අද යළි ජනාධිපති කොමිසම හමුවට

Mohamed Dilsad

ජනවර්ග අතර විරසකය දුරලා සහජීවනයත් ඇති කිරීමට දීපාවලී උළෙල මනා පිටිවහලක් – ජනපති

Mohamed Dilsad

මහින්දට එරෙහි පෙත්සම රනිල් පාර්ශවය ඉල්ලා අස් කරගනී

Mohamed Dilsad

Leave a Comment