ප්‍රමුඛ පුවත 1

දියේ ගිලීමෙන් එක් අයෙකු මියගොස් සිව් දෙනෙකු අතුරුදන්.

(UTV| කොළඹ) – ඊයේ දිනය තුල දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පුද්ගලයින් දියේ ගිලීමේ සිදුවීම් වාර්තා වේ.

ඊයේ පස්වරුවේ වෙන්නප්පුව වෙරල තිරයේ දියනාමින් සිටි පුද්ගලයින් සිව් දෙනෙකු සහ එක්  කාන්තාවක් රළ පහරට ගසා ගෙන ගොස් ඇති බව පොලිසිය පවසයි

එහිදී ප්‍රදේශවාසීන් එක්ව පුද්ගලයින් තිදෙනෙක් සහ කාන්තාවක් බේරාගෙන තිබෙන අතර එක් අයෙකු අතුරුදන්ව තිබේ.

මෙලෙස බේරාගත් කාන්තාව සහ පිරිමි පුද්ගලයන් තිදෙනා මාරවිල මුලික රෝහලට ගෙන යාමේදී එක් පුද්ගලයෙකු මිය ගොස් ඇති බව පොලිසිය පැවසුවේය.

මෙලෙස මියගොස් ඇත්තේ ගලහ, පුපුරුව්ව පදිංචි වයස අවුරුදු 38ක පුද්ගලයක් වන අතර අතුරුදහන්ව ඇත්තේ හපුතලේ දමේතැන්න පදිංචි වයස 28 හැවිදිරි පුද්ගලයකි.

මේ අතර පන්නල නැගිණිගම්මානය ප්‍රදේශයේ ගලා බසින මා ඔයේ දිය නාමින් සිටි තරුණයන් පස් දෙනකුගෙන් එක්අයෙකු දියේ ගිලි අතුරුදන් වී ඇත.

මෙලෙස අතුරුදන් වී ඇත්තේ කල්පිටියේ පදිංචි 16 හැවිරිදි තරුණයෙකි.

අතුරුදන් වූ තරුණය සොයා මේ වන විට ප්‍රදේශවසින් ,පොලිසිය සහ නාවික හමුදා එක්ව සෝදිසි මෙහෙයුම් සිදු කරයි.

තවද බණ්ඩාරවෙල ඹබරගම ඇල්ලෙන් ගලා බහින ඔයේ දිය නාමින් සිටි තිදෙනෙක් අතරින් දෙදෙනෙකු ජලපහරට හසුවී ගසාගෙන ගොස් අතුරුදන් වී ඇත.

මෙලෙස අතුරුදන් වී ඇත්තේ වයස අවුරුදු 21ක සහ වයස අවුරුදු 20ක තරුණයින් දෙදෙනකි.

අතුරුදහන් වූ අය සොයා ප්‍රදේශවාසීන්, පොලිසිය සහ නාවික හමුදාව එක්ව සෝදිසි මෙහෙයුම් ආරම්භ කර තිබේ.

 

[alertcolor=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarkercolor=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් >utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මහසෝන් බලකායේ ප්‍රධානියා යළිත් රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

හයිලෙවල් මාර්ගයේ හෝමාගම අවට වාහන තදබදයක්

Mohamed Dilsad

දිස්ත්‍රික් 09ක නායයෑම් අවදානම තවදුරටත්

Mohamed Dilsad

Leave a Comment