ප්‍රමුඛ පුවත 1

මෙන්න මෙවර උස්ස පෙළ විශිෂ්ටයින්..

(UTV| කොළඹ) – මෙවර උසස් පෙළ විභාගයේ විශිෂ්ට දස්කම දැක්වූ දරුවන්ගේ නම් මේවනවිට විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ රාත්‍රියේ නිකුත් කෙරුණු අතර එම ප්‍රථිපල  www.doenets.lk වෙබ් අඩවියෙන් අපේක්ෂකයින්ට ලබාගත හැකි බව විභාග කොමසාරිස් ජෙනරාල් සනත්. බි. පූජිත මහතා සඳහන් කළේය.

මෙවර උසස් පෙළ විභාගයේ ජෛව විද්‍යාව විෂය ධාරාවේ ප්‍රථම ස්ථානය දිනා ගෙන ඇත්තේ, ගම්පහ රත්නාවලි බාලිකා විද්‍යාලයේ, කළණි සමුද්‍රා රාජපක්ෂයි දැරියයි.දෙවන ස්ථානය කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයේ රවිදු ශෂික ඉලන්ගම්ගේ විසින් දිනා ගෙන ඇති අතර තෙවන ස්ථානය හිමි ව ඇත්තේ, මාතලේ සහිරා විද්‍යාලයේ, මුහම්මද් රිස්මි මුහම්මද් හකීම් කරීම් සිසුවාටයි.

භෞතික විද්‍යාව විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය කොළඹ විශාඛා විද්‍යාලයේ චතුනි හංසනී වසන්තා විජේගුණවර්ධන සිසුවිය විසින් හිමි කර ගෙන තිබේ.

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ චාමිදු සුරාන් ලියනගේ සිසුවා භෞතික විද්‍යාව විෂය ධාරාවේ දිවයිනේ දෙවන ස්ථානය හිමි වූ අතර තෙවන ස්ථානය හිමි කර ගෙන ඇත්තේ, කොළඹ රාජකීය විද්‍යාලයේ හෙට්ටිකාන්කානන්ගේ තෙවිදු ජනිත් විජේසේකර සිසුවායි.

වාණිජ විෂය ධාරාවේ ප්‍රථම ස්ථානය, කුරුණෑගල මලියදේව විද්‍යාලයේ කසුන් ඉදුරංග වික්‍රමරත්න සිසුවාට හිමි විය.

එම විෂය ධාරාවෙන් දිවයිනේ දෙවන ස්ථානය ගම්පහ රත්නාවලි බාලිකා විද්‍යාලයේ, රණවීර ආරච්චිලාගේ උචිනි අයත්මා රණවීර සිසුවිය විසින් හිමි කර ගෙන ඇති අතර වාණිජ විෂය ධාරාවෙන් දිවයිනේ තෙවන ස්ථානය හිමි කර ගෙන ගැනීමට සමත්ව ඇත්තේ, කොළඹ මියුසියස් විද්‍යලයේ වීරකෝන් මුදියන්සේලාගේ මලිති ජයරත්න සිසුවියයි.

කලා විෂය ධාරාව යටතේ, දිවයිනේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසලේ තුයිඅප්පුආරච්චිගේ දොන සෙනාදී දම්යාද අල්විස් සිසුවිය සමත් විය.

එහි දෙවන ස්ථානය කුරුණෑගල මලියදේව විද්‍යාලයේ, එදිරිසිංහමුදියන්සේලාගේ සිත්මි නිමාෂි සිසුවිය විසින් හිමි කර ගෙන ඇති අතර කලා විෂය ධාරාවෙන් දිවයිනේ තෙවන ස්ථානයට පත් ව ඇත්තේ, මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ පිටිගල ආරච්චිගේ ඉෂානි උමේෂා කුමාරි සිසුවියයි.

ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාව යටතේ දිවයිනේ ප්‍රථම ස්ථානය කොළඹ ආනන්ද විද්‍යාලයේ මහපතිරන්නැහෙලාගේ පමුදිත යසස් පතිරණ සිසුවා විසින් හිමි කර ගෙන තිබේ.

එහි දෙවන ස්ථානය හිමි කර ගැනීමට කොළඹ ආනන්ද විද්‍යාලයේ, සමරනායක තරිදු හේෂාන් සිසුවා සමත්ව ඇති අතර ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවේ තෙවැනි ස්ථානය, නිකවැරටිය මහසෙන් ජාතික පාසලේ, විජේකොන් මුදියන්සේලාගේ සෙෂාන් රංගන විජේකොන් සිසුවා විසින් හිමිකර ගත්තේ ය.

ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට කඹුරුපිටිය නාරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයේ සදුනි පියුමාෂා කොඩිප්පිලි සිසුවිය සමත් වූවාය.

එම විෂය ධාරාව යටතේ දිවයිනේ දෙවන ස්ථානය සමන්තුරෙයි මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලයේ මොහොදින් බාවා රිෂා මොහොමඩ් සිසුවා විසින් හිමි කර ගත්තේ ය.

ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය ධාරාවේ දිවයිනේ තෙවන ස්ථානයට හිමි කර ගෙන ඇත්තේ, හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ අලංකාරගේ විසිදු දිලෙන්ක ලක්මාල් සිසුවායි.

මෙවර විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ශිෂ්‍යයින් 160, 907 දෙනෙකු සුදුසුකම් ලබා ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසයි.

මෙවර උසස් පෙළ විභාගය සඳහා අයැදුම්කරුවන් 321,469 දෙනෙකු පෙනී සිටියහ.

ඉන් ශිෂ්‍යයින් 119 දෙනෙකුගේ ප්‍රතිඵල අත්හිටුවීමට පියවර ගත් බව විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සාමන්‍ය පෙළ විභාගයට ව්‍යාජ ලෙස පෙනී සිටි තිදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

ගෝවා මිල ඉහළ යයි

Mohamed Dilsad

මලයාසියානු අග්‍රාමාත්‍යවරයා අද ජනාධිපතිවරයා හමුවීමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment