ප්‍රමුඛ පුවත 1

ඉන්දීය ධීවරයින් 8 දෙනෙකු අත්අඩංගුවට

(උදයම්,කොළඹ)  – නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පුල්මුඩේ මුහුදු ප්‍රදේශයේ දී නැගෙනහිර නාවික විධානයට අයත් යාත්‍රාවකට අනුයුක්තව සේවය කළ නාවික හමුදා නිලධාරීන් විසින් අදාළ ඉන්දීය ධීවරයින් අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව සඳහන් කළේය.
ඔවුන් සතුව තිබූ ධීවර ආම්පන්න සහ ඔවුන්ට අයත් ටෝලර් යාත්‍රාවක්ද නාවික හමුදා භාරයට ගෙන ඇත.
මෙම ඉන්දීය ධීවරයින් සහ ධීවර ආම්පන්න ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා ත්‍රිකුණාමලය වරාය පොලීසිය වෙත භාරදීමට කටයුතු කළ බව නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

දිවයින පුරා බීමත් රියදුරන් 279 දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

කොරෝනාවෙන් පළමු ශ්‍රී ලාංකිකයා ස්විට්සර්ලන්තයේ දී මිය යයි

Mohamed Dilsad

මගී ප්‍රවාහන බස්රථ සඳහා පනවන දඩය ඉහලට.

Mohamed Dilsad

Leave a Comment