ප්‍රමුඛ පුවත 1

නව නාවික හමුදාපති ධූරයට රියර් අද්මිරාල් කේ.කේ.ටී.පී.එච් ද සිල්වා පත් කෙරේ

(UTV| කොළඹ) – ශ‍්‍රී ලංකා නාවික හමුදාවේ 23 වන නාවික හමුදාපතිවරයා ලෙස රියර් අද්මිරාල් කේ.කේ.ටී.පී.එච් ද සිල්වා මහතා පත් කරයි.

අද (31) උදෑසන ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ඒ අනුව රියර් අද්මිරාල් කේ.කේ.ටී.පී.එච් ද සිල්වා මහතා 2019 ජනවාරි පළමු වැනිදා සිට නව නාවික හමුදාපතිවරයා ලෙස කටයුතු කරනු ඇත.

ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා සහ ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අනිසි බියකින් තොරව දරුවන්ව පාසැල් එවන්න.හමුදාපති ඉල්ලයි(AUDIO)

Mohamed Dilsad

ෂීෂෙල්ස් රාජ්‍යයේ රඳවා සිටි ශ්‍රී ලංකික ධීවරයින්ට නිදහස

Mohamed Dilsad

එංගලන්තයේ ලාංකිකයන් 25 ක් කොරෝනා නිසා මිය යයි – අගමැති [RELEASE]

Mohamed Dilsad

Leave a Comment