ප්‍රමුඛ පුවත 1

තවත් සද්දන්තයෙකු අවසන් ගමන් යයි

(UTV| කොළඹ) – දඩයක්කරුවෙකු විසින් වෙඩි තබා බරපතළ ලෙස තුවාල ලබා සිටි වන අලියෙකු මිය ගොස් තිබේ.

අද(31) අළුයම මෙම වන අලියා මිය ගොස් ඇති බව අප වාර්තාකරු පැවසීය.

මෙම වන අලියා මීට මාස දෙකකට පමණ පෙරදී වෙඩි වැදී තුවාල ලබා සිටිය දී සොයා ගනු ලැබීය.

මෙම වන අලියාගේ ජීවිතය බේරා ගැනීම සඳහා ගිරිතලේ වනජීවි පශු වෛද්‍ය ඒකකයේ නිලධාරීන් අවස්ථා කිහිපයක දී ප්‍රතිකාර කරනු ලැබුව ද අවාසනාවන්ත ලෙස අද අළුයම අලියා මිය ගොස් ඇත.

වයස අවුරුදු 30 ක් පමණ වන මෙම වන අලියා පොලොන්නරුව ගිරිලේ වැව අසල පාදයේ තිබු තුවාලය හේතුවෙන් බොහෝ වේදනාවෙන් කාලය ගත කර ඇති බව වාර්තා වෙයි.

අලියාගේ උස අඩි 8 ක් පමණ වන බව ද වනජීවි නිලධාරීන් පවසයි.

මිය ගිය වන අලියාගේ මළ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද(31) දින සිදු කිරීමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කැලණිවැලි දුම්රිය මාර්ගය16දා සිට වැසේ

Mohamed Dilsad

පොලිස් නිලධාරීන් 20කට ස්ථාන මාරුවීම්

Mohamed Dilsad

තේරිම් කාරක සභාවට රාජීත හා නලින්ද එක්වේ.

Mohamed Dilsad

Leave a Comment