ප්‍රමුඛ පුවත 1

අමිතිරිගල ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් 3 දෙනෙකු ජීවිතක්ෂයට

(උදයම්,රුවන්වැල්ල)  – රුවන්වැල්ල අමිතිරිගල ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත් වෙති.

තවත් 6 දෙනෙකු මෙහිදී තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.

ඊයේ පස්වරුවේ තල්දුව ඌරාපොළ මාර්ගයේ අමිතිරිගල විහාරස්ථානය අසලදී මෙම අනතුර සිදුව ඇත.

වෑන් රථයක් සහ බස් රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් අනතුර සිදුවූ අතර බරපතල තුවාල ලැබු 8 දෙනෙකු අවිස්සාවේල්ල රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව 3 දෙනෙකු මියගොස් තිබේ.

ඔවුන් යක්කල ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් බවට අනාවරණ වී ඇත.

තුවාල ලැබු 6 දෙනා අතර කාන්තාවන් 3 දෙනෙකු ද වේ.

ඉන් එක් කාන්තාවක් වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇති බවයි පොලිසිය පවසයි.

අනතුරට සම්බන්ධ බස් රථයේ රියදුරු පොලිස් අත්අඩංගුවට ගෙපත්ව ඇත.

Related posts

සබරගමුවේ පාසැල් කිහිපයක් වසා දැමේ

Mohamed Dilsad

ආපදා තත්ත්වයෙන් 68000ක් පීඩාවට

Mohamed Dilsad

ආනයනික රෙදිපිළි බද්ධ පහළට

Mohamed Dilsad

Leave a Comment