ක්‍රීඩා

නව වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලැබුණු අසුබ පුවත

(UTV| කොළඹ) – ඉදිරි ICC විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය සඳහා සෘජුව සුදුසුකම් ලැබූ කණ්ඩායම් මේ වන විට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශ කර තිබේ.

ඒ, 2018 වසරේ අවසන් වීමත් සමග විස්සයි 20 ශ්‍රේණිගත කිරීම් සළකා බැලීමෙන් අනතුරුවයි.

මේ අනුව පාකිස්ථානය, ඉන්දියාව, එංගලන්තය, ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, නවසීලන්තය, බටහිර ඉන්දීය කොදෙව්, ඇෆ්ගනිස්ථානය යන කණ්ඩායම් 2020 ලෝක කුසලාන 20-20 තරගාවලියේ සුපිරි 08 දෙනාගේ කණ්ඩායම සඳහා සෘජු සුදුසුකම් ලබා ඇත.

නමුත් ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය ඊට ඇතුලත් නොවන බව ICC නිකුත් කල වාර්තාවේ සඳහන්වේ.

මේ හේතුවෙන් ශ්‍රී ලංකාවට සහ බංග්ලාදේශ කණ්ඩායම් දෙකට සුපිරි 12 වටයට ඇතුල් වීම සඳහා සුදුසුකම් ලබා සිටින අනෙක් කණ්ඩායම් 6 සමග තරග වැදීමට සිදු වනු ඇත.

ඉන් පසුව ජය ලබා සුපිරි 12 කණ්ඩායම් අතරට තේරී පත්වීමට සිදුවන බව ICC සඳහන් කරයි.

2014 වසරේ විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියක් ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායමට අත්වූ ඉරණම සම්බන්ධයෙන් නායක ලසිත් මාලිංග දැඩි කණස්සල්ලෙන් පසුවේ.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය ඇතුළු කණ්ඩායම් 06 සුදුසුකම් ලැබීමේ තරග ලබන වසරේ ඔක්තෝම්බර් 18 සිට නොවැම්බර් 15 දක්වා පැවැත්වේ.

විස්සයි 20 ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් වලට අනුව ශ්‍රී ලංකාව 9 වන ස්ථානයේ පසුවේ.

ICC විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය 2020 වසරේ ඕස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකාව පන්දු රැකීම අරඹයි

Mohamed Dilsad

දකුණූ අප්‍රිකා – එංගලන්තය අතර තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද

Mohamed Dilsad

ප්‍රවීන් අභිබවා ගිය Mushfiqur Rahim ICC මාසයේ ක්‍රීඩකයා වෙයි

Mohamed Dilsad

Leave a Comment