ප්‍රමුඛ පුවත 1

පෝය සහ ඉරිදා දිනවල උපකාරක පංති පැවැත්වීම තහනම් කිරීමට කැබිනට් පත්‍රිකාවක්

(UTV| කොළඹ) – පෝය දිනවල සහ ඉරිදා දිනවල උපකාරක පංති පැවැත්වීම තහනම් කිරීමට සියලුම ආගම් නියෝජනය කරන අමාත්‍යවරුන් එක්ව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ බව සදහන්කර සිටියේ කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදීෙ ඊයේ (02) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
මීට අමතරව දහම් පාසල් සහතිකයට උසස් පෙළ විභාගයේදී,  සාමාන්‍ය පෙළ විභාගයේදී සහ පහ වසර ශිෂ්‍යත්ව විභාගයේදී ලකුණු 10 බැගින් ලබාදීම පිළිබඳව ද අධ්‍යාපන අමාත්‍යවරයාට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙන බව ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා වැඩිදුරටත් සදහන් කළේය.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

හැටන් පාසැලක ගුරුවරුන් පිරිසක් මාධ්‍යවේදීන්ට පහර දෙයි

Mohamed Dilsad

ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතය විමසීම පිළිබඳව කිසිදු ගැටළුවක් නෑ -ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය

Mohamed Dilsad

පූජිත සහ හේමසිරි යළි රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment