ප්‍රමුඛ පුවත 1

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආයතන 3කට සභාපතිවරු පත් කෙරේ

(UTV| කොළඹ) – සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ඇති ආයතන 03 කට නව සභාපතිවරුන් පත් කිරිම සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) සිදු කෙරුණි.

සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ලෙස අචාර්ය එච්.එම්.එම් රූමි මහතා තම පත්වීම් ලිපිය සෞඛ්‍ය අමාත්‍යවරයා අතින් ලබා ගත බවයි.

එසේ එම සංස්ථාවේ නව කළමණාකාර අධ්‍යක්ෂවරයා ලෙස මහරගම අපේක්ෂා රෝහලේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය විල්ප්‍රඩ් කුමාරසිරි මහතා පත් කර ඇත.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා ලෙස මහාචාර්ය අසිත ද සිල්වා මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා අතින් පත්වීම් ලබා ගන්නා ගෙන තිබේ.

දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපතිවරයා ලෙස වෛද්‍ය පාලිත අබේකෝන් මහතා පත් කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ව්‍යාපෘති අධීක්ෂණ අංශයේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස ආචාර්ය කුමාර ද සිල්වා මහතා පත් කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

2020 ගුරු සහායකයින් 50,000 ක් බඳවා ගන්නවා [VIDEO]

Mohamed Dilsad

රත්‍රන් ජාවාරමක තොරතුරු හෙළි වෙයි

Mohamed Dilsad

විශ්වවිද්‍යාල අධ්‍යාපන පුහුණුවීම්වලට විදේශීය විශ්වවිද්‍යාල සමඟ ගිවිසුමක්.

Mohamed Dilsad

Leave a Comment