ප්‍රමුඛ පුවත 1

උතුරු පළාත් ලංගම සේවකයෝ වැඩ වරති.

(UTV| කොළඹ) – උතුරු පළාත් ශ්‍රී ලංකා ගමනා මණ්ඩල ප්‍රාදේශීය කළමණාකරු වහාම ඉවත් කරන්නැයි ඉල්ලමීන් උතුරු පළාත් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ ඩිපෝ හතක සේවකයින් ‍අද (04) සේවයෙන් ඉවත් වී වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

ඒ අනුව යාපනය, කරෙයිනගර්, වවුනියාව, මන්නාරම, මුලතිව්, කිලිනොච්චිය ඇතුළු උතුරු පළාත් බස් රථ ඩිපෝ සේවකයෝ මෙම වැඩ වර්ජනයට එක්ව සිටිති.

උතුරු පළාත් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රාදේශීය කළමණාකරු අසාධාරණ අයුරින් සේවකයින්ට සළකන අතර සේවා ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් සේවක පරිපාලනය කරන බවට මෙම වර්ජනයේ නියතු සේවකයෝ කියති.

එබැවින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ ඩිපෝ ප්‍රාදේශීය කළමණාකරු වහාම ඉවත් කරන ලෙසත් එලෙස නොවුවහොත් තමන් අඛණ්ඩව වැඩ වර්ජනය සිදුකරන බවත් පැවසීය.

බස් සේවක වැඩ වර්ජනය හේතුවෙන් දුර ගමන් සේවා හා අන්තර් පළාත් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ සියල්ල ධාවනය නොකරන බවද වර්ජකයෝ පෙන්වා දෙති.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනතාවගේ ජන ජීවිතය පිළිබඳව ජනපතිගෙන් සහතිකයක්

Mohamed Dilsad

මෙරටින් බංගලාදේශයට සහනාධාර

Mohamed Dilsad

TNA කොන්දේසි ඉදිරිපත් කර නෑ – මරික්කාර් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment