ප්‍රමුඛ පුවත 1

ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස නම් කෙරේ

(UTV| කොළඹ) – ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස නිල වශයෙන් නම් කිරිමේ ජාතික උත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරේ.

ඒ මාතලේ ඓතිහාසික අලුවිහාරයේදීය.

වසර දහස් ගණනක් පුරා රැගෙන ආ නිර්මල බුදුදහම ලෝකවාසි ජනතාවටත්, අනාගත පරපුරටත් නිවැරදි ලෙස ආරක්ෂා කොට පවත්වාගෙන යාම මෙහි අරමුණයි.

ක්‍රිෂ්තු පූර්ව 03 වන සියවසේ මහින්දාගමනයේ ප්‍රතිඵලයක් ලෙස උරුම වූ ථෙරවාදි ත්‍රිපිටකය රාජ්‍ය ගෞරවය ලබමින් ශත වර්ෂ ගණනාවක් මෙරට පෝෂණය වී තිබේ.

විවිධ අභියෝග මැද සුරක්ෂිතව රැගෙන ආ ත්‍රිපිටකය ක්‍රිස්තු වර්ෂ පළමු සියවසේදී ලෝකයේ පළමු වරට තල්පත්වල ලේඛනාරූඩ කර ඇත්තේ ද මාතලේ අලුවිහාරයේදී බව සඳහන්.

මහා සංඝරත්නය දෙදහසකට අධික පිරිසකගේ  සහභාගිත්වයෙන් පැවැත්වේ.

මෙම පුණ්‍ය මහෝත්සවයට සමගාමිව දිවයින පුරා විරාස්ථානවල දි ආගමික වතාවක් සංවිධානය කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

තවත් අමාත්‍යවරු දෙදෙනෙක් දිවුරුම් දෙති

Mohamed Dilsad

අවුරුදු සමයේ ආහාර සහ විදුලි උපකරණ මිලදී ගැනීමේදී සැලකිලිමත් වන්න…

Mohamed Dilsad

ජනාධිපති කාම්බෝජ නිල සංචාරයක් සඳහා සුදානම් වෙයි.

Mohamed Dilsad

Leave a Comment