ප්‍රමුඛ පුවත 1

2017 වසරට සාපේක්ෂව 2018 දී කාන්තා ශ්‍රමිකයින් විදේශ ගතවීම පහළට…

(UTV| කොළඹ) – පසුගිය 2017 වසරට සාපේක්ෂව 2018 වසරේ ශ්‍රමිකයින් විදේශ ගතවීම 0.24% න් අඩුවී ඇත.

2018 වර්ෂය තුළදී ශ්‍රමිකයින් 211502 දෙනෙකු රැකියා සදහා විදේශ ගතවී ඇති අතර, ඉන් පිරිමි ශ්‍රමිකයින් ප්‍රමාණය 144531කි. එම සංඛ්‍යාව විදේශ ගතවූ මුළු ශ්‍රමිකයින් සංඛ්‍යා‍වෙන් 68.3% කි.

2017 වර්ෂයේදී පිරිමි ශ්‍රමිකයින් 143673 දෙනෙකු විදේශ ගතවී ඇති තිබෙන අතර එය සමස්ථ විදේශ ගතවීම්වලින් 68% කි.

ඒ අනුව 2017 වර්ෂයට සාපේක්ෂව 2018 වර්ෂයේදී පිරිමි ශ්‍රමිකයින් විදේශ ගතවීම 0.3% න් වැඩිවී තිබේ.

කාන්තා ශ්‍රමිකයින් 66971 දෙනෙකු 2018 වර්ෂයේදී රැකියා සදහා විදේශ ගතවී ඇති අතර, එම ප්‍රමාණය විදේශ ගතවූ මුළු ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් සංඛ්‍යාවෙන් 31.7% කි.

2017 වර්ෂයේදී කාන්තා ශ්‍රමිකයින් 68319 දෙනෙකු විදේශ ගතවී ඇති අතර එහි ප්‍රතිශතය 32% කි. ඒ අනුව කාන්තා ශ්‍රමිකයින් විදේශ ගතවීම 2017 වර්ෂයට සාපේක්ෂව 2018 වර්ෂයේදී 0.3% ක ප්‍රමාණයකින් අඩුවී තිබේ.

2018 වර්ෂයේදී කාන්තා ශ්‍රමිකයින්ට වඩා පිරිමි ශ්‍රමිකයින් 77560 දෙනෙකු රැකියා සදහා විදේශ ගතවී තිබේ.

2017 වර්ෂයේදී ගෘහ සේවිකාවන් වශයෙන් විදේශ ගතවූ ප්‍රමාණය 55884ක් වන අතර, ඒ අනුව ගෘහ සේවිකාවන් වශයෙන් විදේශ රැකියා සදහා පිටත්ව යාම 13% කින් ඉහළ ගොස් තිබේ.

2018 වර්ෂය තුළ වැඩිම ශ්‍රමිකයින් පිරිසක් විදේශ ගතවී ඇති රට වනුයේ කටාර් රාජ්‍යය යි.

පසුගිය වර්ෂයේදී ශ්‍රමිකයින් 5410 දෙනෙකු දකුණු කොරියාවේ රැකියා සදහා ගොස් තිබේ. එසේම 2017 වසර තුළ දකුණු කොරියාවේ රැකියා සදහා පිටත්ව ගිය ශ්‍රමිකයින් ප්‍රමාණය 5807කි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

Mohamed Dilsad

ඉදිරි දිනවල ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ අවධානමක්.

Mohamed Dilsad

ආණ්ඩුවේ අඩුපාඩු පෙන්වාදීම තම රජයේ අපේක්ෂාවයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment