ක්‍රීඩා

ඉසුරු උදානගේ විශිෂ්ට කඩුලු දඩයමෙන් කින්ග්ස් ජය ලබයි..

(UTV| කොළඹ) – 2019 බංග්ලාදේශය ප්‍රීමියර් ලීග් තරගාවලියේ ඊයේ (09) පැවති අටවැනි තරගයෙන් කුල්නා ටයිටන්ස් කණ්ඩායම පරාජය කමීන්, ශ්‍රී ලංකා ක්‍රීඩක ඉසුරු උදාන නියෝජනය කරන රාජසි කින්ග්ස් කණ්ඩායම කඩුලු 07 ක ජයක් ලබා ගැනිමට සමත්විය.

මෙහිදි රාජසි කණ්ඩායම වෙනුවෙන් පන්දුවාර 04 ක් යවා ලකුණු 15 කට කඩුලු 03 ක් දවා ගත් ඉසුරු උදාන තරගයේ වීරයා බවට පත් විය.

මෙම තරගයේදි කාසියේ වාදිය දිනා පළමුව පන්දුවට පහරදුන් කුල්නා ටයිටන්ස් සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 09 ක් දැවි ලකුණු 117 ක් ලබා ගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කල රාජසි කණ්ඩායම පන්දුවාර 18 යි පන්දු පහක් තුළ කඩුලු 03 කට ලකුණු 118 ක් ලබා ගනිමින් සිය ජයග්‍රහණය වාර්තා කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ස්කොට්ලන්තයට ජය

Mohamed Dilsad

දිල්ලි බුල්ස් කණ්ඩායමෙන් මැතිව්ස්ට අනගි අවස්ථාවක්

Mohamed Dilsad

ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා අවසන් එක්දින තරගය අද

Mohamed Dilsad

Leave a Comment