ප්‍රමුඛ පුවත 1

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්නට එරෙහි නඩුව කල් යයි

(UTV| කොළඹ) – පුද්ගලයින් 11 දෙනකු පැහැර ගැනීමේ සිද්ධියේ සැකකාර ලුතිනන් කමාන්ඩර් සම්පත් මුණසිංහ හෙවත් නෙවි සම්පත්ට රැඳි සිටීමට ආධාර අනුබල දුන්නැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න මහතාට පවරා ඇති නඩුව ලබන අප්‍රේල් මස 03 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (16) නියෝග කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් දුරකතන විශේෂ වාර්තා සම්බන්ධ විශේෂ පරීක්ෂණයක් සිදු වන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණය වෙත දැනුම් දෙනු ලැබීය.

එම විමර්ශන ප්‍රගතිය ලැබෙනතුරු නඩුව කල් තැබීමට අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුව කළ ඉල්ලීම සැලකිල්ලට ගෙන අධිකරණය මෙම නියෝග කළේය.

මාණ්ඩලික ප්‍රධානීවරයා ඇප මත සිටිමින් අද (16) අධිකරණයේ පෙනී සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ට්‍රිලියන පහක ණය ලබාගත්තා – මහින්ද

Mohamed Dilsad

ලිපි බෙදන්න පොලිසියේ සහය

Mohamed Dilsad

බොල්ගොඩ කාන්තා හිස සහ සෙවණගල කඳ කොටස ගැළපේදැයි පරික්ෂණ

Mohamed Dilsad

Leave a Comment