ප්‍රමුඛ පුවත 1

හජ් කෝටාව 3500 දක්වා වැඩි කෙරේ

(UTV| කොළඹ) – ශ්‍රී ලංකාවේ වෙසෙන මුස්ලිම්වරුන්ගේ හජ් කෝටාව 2800 සිට  3500 දක්වා වැඩි කෙරේ.

තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය M.H අබ්දුල් හලීම් අමාත්‍යවරයා පසුගියදා සෞදි අරාබි රාජ්‍යයේ ජෙඩා නුවරදී සෞදියේ හජ් කටයුතු අමාත්‍යවරයා හමුවී ලංකාවේ වෙසෙන මුස්ලිම්වරුන්ගේ හජ් කෝටාව වැඩිකර ගැනීම සදහා සාකච්ඡා කරන ලදී .

මෙතෙක් කල් ලබාදී තිබුණේ  2800ක පමණ බැතිමතුන් ප්‍රමාණයක් සදහා වන්දනා කිරීමේ අවස්ථාවකි.

නමුත් හලීම් අමාත්‍යවරයාගේ මෙවර සාකච්ඡා ඉතා සාර්ථක වෙමින්  2019 වසරේදී ලංකාවේ මුස්ලිම් බැතිමතුන් 3500 දෙනෙක් සදහා අවසර ලබාදීමට සෞදි රජය කටයුතු කර බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

වන්දනා ආරම්භ කිරීමෙන් අනතුරුව තත්ත්වය සලකා බලා ඉදිරියේදී කෝටාව වැඩි කීරීමට හැකි බවට තමා විශ්වාස කරන බවද හලීම් අමාත්‍යවරයා පැවසීය.

මෙහීදී සෞදි රජු අතූලු රජයේ සියලු දෙනාටම විශේෂ ස්තූතියක් ශ්‍රී ලංකාවේ රජය වෙනුවෙන් මෙන්ම ලංකාවේ සියළු මුස්ලිම්වරුන් වෙනුවෙන්ද හලීම් අමාත්‍යවරයා පලකරන ලදී .

මෙම සංචාරය සදහා මුස්ලිම් ආගමික කටයුතුදෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක එම්. ආර් මලික් මහතා සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති අස්මිතා සිම්, ශ්‍රී ලංකාවේ හජ් කමිටු සභාපති ආචාර්ය සියාද්, ගරු අමාත්‍ය තුමන්ගේ පෞද්ගලික ලේකම් එම්. එච් ෆාහිම් ඇතුළු කණ්ඩායමක් සහබාගි විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මධුෂ් සමඟ අත්අඩංගුවට ගත් බන්ධනාගාර නියාමක ලබන 10 දක්වා රිමාන්ඩ් …

Mohamed Dilsad

සෞඛ්‍ය ලේකම්වරියගේ උපදෙස් අවශ්‍ය නැති බව GMOA කියයි [VIDEO]

Mohamed Dilsad

වේවැල් කර්මාන්තය සුරැකීමට රජයේ සහය ලබා දෙන බව ඇමති රිෂාඩ් කියයි(වීඩියෝ)

Mohamed Dilsad

Leave a Comment