ප්‍රමුඛ පුවත 1

කැබ් රියක් දුම්රියක ගැටෙයි

(UTV| කොළඹ) – කුරුණෑගල ,වැල්ලව දුම්රිය හරස් මාර්ගයේදී කැබ් රථයක් දුම්රියේ ගැටීමෙන් පුද්ගලයන් 5 දෙනෙකු තුවාල ලබයි.

අද(22) අලූයම මෙමෙ අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.

හිරිපිටියේ සිට කුරුණෑගල දෙසට ධාවනය වූ කැබ් රථයක්, ත්‍රිකුණාමලය සිට කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ දුම්රියේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

මෙහිදී කැබ් රථයේ  ගමන් ගත් පුද්ගලයන් 5 දෙනාම තුවාල ලබා කුරුණෑගල රෝහලට ඇතුළත් කර තිබේ.

තුවාල ලැබූ පිරිස අතර යුද හමුදා මේජර්වරයෙකු ද සිටින බවද වාර්තාවේ.

අනතුර සිදුවන අවස්ථාවේදී දුම්රිය හරස් මාර්ගයේ සංඥා නිකුත් කර තිබු බවත් රියදුරුට නින්ද යාම  නිසා මෙම අනතුර සිදුව ඇති බවත් අනාවරණය වී ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

GSP + ලබාගැනීමට උපරිම සහයෝගය දීමට ස්පාඤ්ඤය සුදානම්

Mohamed Dilsad

ආරක්‍ෂක අංශ සහ වැලි ජාවාරම්කරුවන් අතර ගැටුමක්

Mohamed Dilsad

තරුණයින්ට රැකියා ලබාදීම උදෙසා කර්මාන්ත පුර රැසක් – සජිත් ප්‍රේමදාස [VIDEO]

Mohamed Dilsad

Leave a Comment