ප්‍රමුඛ පුවත 1

පොලිස් නිලධාරියෙකුට පහර දුන් 3ක් අත්අඩංගුවට

(උදයම්,කොළඹ) – පාදුක්ක පොලිස් වසමේ පැමිණිල්ලක් සටහන් කරමින් සිටි පොලිස් නිලධාරියෙකුට පහර දී රාජකාරීයට බාධාකිරීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් 3 කු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
ඊයේ (06) දහවල් 12.20 ට පමණ පාදුක්ක පොලිස් වසමේ මීපේ පොලිස් මුරපොළදී පුද්ගලයෙකුගේ පැමිණිල්ලක් පොලිස් නිලධාරියකු විසින් සටහන් කරමින් සිටින අවස්ථාවේදී එම ස්ථානයට කඩා වැදුණු විත්තිකාර පාර්ශවයේ පිරිසක් පැමිණිලිකරුට පහරදීමට තැත්කර ඇත.
එම අවස්ථාවේ එය වැළැක්වීමට ගිය පොලිස් නිලධාරියාට මෙලෙස පහර දී ඇති බව පොලිසය පවසයි.
පහරකෑමට ලක් වු පොලිස් නිලධාරියා මේ වන විට හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබයි.
සැකකරුවන් අද (07)  හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත යොමු කෙරෙන අතර වැඩි දුර පරීක්ෂණ පාදුක්ක පොලිසිය මගින් සිදු කෙරේ.

Related posts

UTV නාලිකාවේ නිල App එක බා ගත කිරීම් දහස ඉක්මවයි

Mohamed Dilsad

සුනිල් ශාන්ත CIDය භාරයට

Mohamed Dilsad

මහාපරිමාණ හෙරොයින් ජාවාරමට සම්බන්ධ පස් දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment