(උදයම්,කොළඹ) – ග්රෑන්ඩ්පාස් නාගලගම්වීදිය ප්රදේශයේදී ඊයේ සොයාගත් කෝටි 16ක් පමණ වටිනා හෙරොයින් තොගය මුහුදු මාර්ගය ඔස්සේ මෙරටට රැගෙන විත් ඇති බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණ කර ගනී.
හෙරොයින් කිලෝග්රෑම් 13ක් සමඟින් නාගලගම්වීදිය ප්රදේශයේදී පුද්ගලයෙකු ඊයේ අත්අඩංගුවට ගනුණි.
ඔහු මෝදර ප්රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙකු වන අතර හෙරොයින් ජාවාරමෙන් උපයා ගත මිලියන 3කට ආසන්න මුදලක් ද ඔහු සතුව තිබී සොයාගෙන ඇත.
කළු පැහැති ගමන් මල්ලක බහා මෙම මත්කුඩු තොගය රැගෙන යමින් සිටියදීයි ඔහු අත්අඩංගුවට ගනු ලව පොලිසිය පැවසීය.
මෝටර් රථයකින් අදාළ හෙරොයින් තොගය ගෙනවිත් මෙම පුද්ගලයාට දී ඇති බවට ද අනාවරණ වී තිබේ.