ප්‍රමුඛ පුවත 1

”උත්තර දේවී”ලබන 30 වැනිදා සිට ධාවනයට .

(UTV| කොළඹ) – ඉන්දියාවේ සිට ගෙවන ලද නව අති සුඛෝපභෝගී S-13 දුම්රිය දෙකෙන් එකක් පර්යේෂණ ධාවන කටයුතු වලින් පසුව ලබන 30 වනදා සිට කොළඹ කොටුව හා කන්කසන්තුරේ අතර ධාවනයට එක් කිරීමට නියමිතව ඇත.

මෙම දුම්රිය උතුරු දුම්රිය මාර්ගයේ දැනට ධාවනය වන ”උත්තර දේවී” දුම්රිය වශයෙන් ධාවනයට එක්වෙනු ඇත.

කොටුවේ සිට කන්කසන්තුරය දක්වා මෙම දුම්රිය ගමන් ආරම්භ කරනු ලබන්නේ පෙරවරු 11.50 ටය.

මෙම දුම්රියේ වායු සමීකරණය කළ මැදිරි මෙන්ම සාමාන්‍ය මැදිරිද ඇති අතර යෝජිත ගමනට දින 45 කට පෙර ඒ ගමන සදහා ප්‍රවේශ පත්‍ර වෙන්කරවා ගත හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මිලියන 6ක ඇපල් පෙති සොයා ගැනේ

Mohamed Dilsad

දක්ෂිණ අධිවේගී මාර්ගයේ නව ප්‍රවේශ මාර්ගය 8දා විවෘත වෙයි

Mohamed Dilsad

ජනාධිපතිවරණයේ අපේක්ෂකයන් සිව් දෙනෙකුගේ ආරක්ෂාව දැඩි කරයි

Mohamed Dilsad

Leave a Comment