ප්‍රමුඛ පුවත 1

ශ්‍රී‍ ලංකන් ගුවන් සමාගම මිලියන 40,000 ක පාඩු ලබයි…

(UTV| කොළඹ) – ශ්‍රී‍ ලංකන් ගුවන් සමාගම පසුගිය මාස 09 ක කාලය තුළ රුපියල් මිලියන 40,000 ක් පාඩු ලබා ඇති බව කෝප් සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසිය.

වී අලෙවි මණ්ඩලය ද පාඩු ලබන රාජ්‍ය ආයතනයක් බව කෝප් වාර්තාවක් ඊයේ (24) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් කෝප් සභාපතිවරයා පවසා සිටියේය.

එහිදී පොදු ව්‍යාපාර කාරක සභාව (කෝප්) , සහ රාජ්‍ය ගිණුම් කාරක සභාව (කෝපා) කටයුතු පිළිබඳ මහජනතාවට දැනගැනීම පිණිස එම සභාවල කටයුතු වාර්තාකරණයට මාධ්‍යයට ඉඩ ලබාදෙන ලෙස ද ඒ මහතා විශේෂ ඉල්ලීමක් කළේය.

මෙම සභාවල කටයුතු වාර්තා කිරීමට දැනට මාධ්‍යයට අවස්ථාව නොමැති බැවින් ඒ සඳහා පාර්ලිමේන්තු ස්ථාවර නියෝග, වරප‍්‍රසාද පනත් සංශෝධනය කර අවස්ථාව ලබාදෙන ලෙස ඔහු වැඩිදුරටත් ඉල්ලාසිටි .

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

“එකට සිටිමු“ ජාතික ව්‍යාපෘතිය ඇරඹේ

Mohamed Dilsad

නව රජයේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරු මෙන්න

Mohamed Dilsad

Leave a Comment