ගොසිප්

හෙදියගේ අනියම් පෙම හෙළිවී අවසන් ගමන් ගිය හැටි

(UTV| කොළඹ) – මේ සිද්ධිය වාර්තා වෙන්නේ රාගම පොලිස් වසමේ ගණේමුල්ල, මැද්දෙගොඩ ප්‍රදේශයෙන්.

 

පසුගියදා එම ප්‍රදේශයේ නිවෙසක් තුළ තිබී කාන්තා මළසිරුරක් සොයා ගැනුණා.එය සිය සැමියා විසින් තියුණු ආයුධවලින් අමානුෂික ලෙස පහරදී සිදු කල ඝාතනයක් බව හෙළි වුණා.

 

මෙම කාන්තාව කොළඹ ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලක හෙද නිලධාරිනියක වන අතර ඇය දෙදරු මවකි.ඇය ඝාතනය කළ සැමියා පසුව රාගම පොලිසියට භාර වී තිබුණා.

තමන් සිය බිරිය ඝාතනය කර නිවෙසේ දමා ආ බව ඔහු විසින් පොලිසියට ප්‍රකාශ කර තිබුණා. ලද තොරතුරුවලට අනුව සැකකරුගේ නිවෙස පිහිටි ගණේමුල්ල මැද්දෙගොඩ නිවෙස වෙත ගිය රාගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ටී.කේ. හෙට්ටිආරච්චි මහතා සහ අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක කැලුම් බණ්ඩාර මහතා ඇතුළු නිලධාරීන්ට දෙදරු මවක් වූ චන්ද්‍රිකා දමයන්ති නමැති 35 හැවිරිදි කාන්තාව ලේ ගලන තුවාල සහිතව නිවෙසේ වැටී සිටියදී සොයා ගැනුණා.

ඇය රාගම රෝහලට පිටත් කර යැවු අතර ඒ වන විටත් ඇය මියගොස් සිටි බව වෛද්‍යවරයා තහවුරු කර තිබෙනවා.

ඉන් පසුව මෙම ඝාතනයට හේතුවූ කරුණු පිළිබඳව කරුණු සොයා බලු පොලිසියට හෙළි වුනේ මෙම පුද්ගලයාගේ බිරිද, ඇය සේවය කල රෝහලේ වෛද්‍ය මහාචාර්යවරයෙක් සමග අනියම් සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇති බව හෙළි වුණා.

 

මෙම සම්බන්ධය ගැන සැමියා දැනගත් පසුව එය නවතා දමන ලෙස කිහිප වතාවක් අවවාධ කර තිබුනද එය නොතකා දිගටම එම සම්බන්ධය පවත්වාගෙන ගොස් ඇති බවත් ඇයව ඝාතනය කළ දින ඇය අනියම් පෙම්වතා සමග ලැගුම්හලක ඉන්නා බව කිසිවෙකු විසින් ඇමතුමක් ලබා දී සැමියා දැනුවත් කිරීමෙන් පසු මෙම ඝාතනය සිදු කර ඇති බවත් කරුණු අනාවරණය වුනා.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මුතුහෙට්ටිගමත් හඬපට එළියට දන්න සුදානම්

Mohamed Dilsad

කොරෝනා භියක් නිසා මුහුදු සීමාවේ ආරක්‍ෂාව තර කෙරේ

Mohamed Dilsad

ගලේවෙල උපාධිධාරීන් තිදෙනකු පත්වීම් ගනිද්දීම නිවාඩු ඉල්ලලා

Mohamed Dilsad

Leave a Comment