ප්‍රමුඛ පුවත 1

අමාත්‍යවරුන්ගේ විෂය පථයේ සංශෝධනයක්..

(UTV| කොළඹ) – ඇමැතිවරුන්ගේ විෂය පථයන් ගැසට් කිරීමේදී අකිල විරාජ් කාරියවසම් මහතාගේ අධ්‍යාපන අමාත්‍යාංශය යටතට පැවරී තිබූ බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය සහ බුද්ධ ශ්‍රාවක භික්ෂු විශ්ව විද්‍යාලය ඉන් ඉවත් කර රාවුෆ් හකීම් මහතාගේ නගර සැලසුම් ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතට පවරා ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉකුත් 10 වැනිදා නිකුත් කරන ලද අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් මෙම විශ්ව විද්‍යාල දෙක උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතට පවරා තිබේ.

මේ අතර ලක්ෂ්මන් කිරි ඇල්ල මහතාගේ රාජ්‍ය ව්‍යවසාය කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍යාංශයේ විෂය පථයට කන්ද උඩරට උරුමය සුරැකීම සඳහා ව්‍යවස්ථාපිත මණ්ඩලය පිහිටුවීම සහ ඊට අදාල කටයුතු වෙනුවෙන් අයතනයක්ද අලුතින් එකතු කර ඇත.

ජනාධිපතිවරයා විසින් ඉකුත් 16 වැනිදා නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් මෙම පැවැරීම සිදුකර තිබේ.

ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ රාජ්‍ය ව්‍යවසාය කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍යාංශයේ විෂය පථයන් ගැසට් කිරීමේදී ලංකා පිඟන් සංස්ථාව (ගඩොල් සහ උළු අංශය), සීමා සහිත කහගොල්ල ඉංජිනේරු සේවා සමාගම , සීමා සහිත බී සී සී සමාගම සහ රාජ්‍ය සම්පත් කළමනාකරණ සංස්ථාව යන ආයතන හතර පමණක් මීට පෙර පවරා තිබිණි.

අමාත්‍යාංශ විෂය පථයන් බෙදීමේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව ලක්ෂ්මන් කිරි ඇල්ල ඇමැතිවරයා මීට පෙර ප්‍රකාශ කර තිබූ අතර සාධාරණයක් ඉටුකරන්නැයි ඔහු අගමැතිවරයා මගින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබිණි.

එහෙත් ඔහුගේ අමාත්‍යාංශය යටතට අලුතින් කිසිඳු ආයතනයක් පත් නොකිරීමද විශේෂත්වයකි.

මේ අතර ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොසු සැපයීම් කැබිනට් නොවන ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා , කම්කරු හා වෘත්තීය සමිති සබදතා කැබිනට් නොවන ඇමැති රවී සමරවීර යන මහත්වරුන්ගේ අමාත්‍යාංශවලට පැවරෙන ආයතන හා විෂය පථයන්ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.

මේ අතර කම්කරු හා කම්කරු සබදතා සහ සාමාජ සවිබල ගැන්වීමේ ඇමැති ලෙද දිවුරුම් දුන් දයා ගමගේ මහතාගේ කම්කරු හා කම්කරු සබදතා විෂය පථය ඉවත් කර ප්‍රාථමික කර්මාන්ත හා සාමාජ සවිබල ගැන්වීමේ ඇමැතිවරයා ලෙස පත් කර ඇත

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තායිලන්ත තානාපතිනි චූලමනී ජනපති හමුවෙයි

Mohamed Dilsad

කලපු18ක සහ වැව් 300ක ජල ජීවී නිෂ්පාදනය ඉහළට

Mohamed Dilsad

“ඩබ්ලියු. ඒ. අබේසිංහ සාහිත්‍ය මෙහෙවර” සැමරුම් උත්සවය ජනපති ප‍්‍රධානත්වයෙන්

Mohamed Dilsad

Leave a Comment