ප්‍රමුඛ පුවත 1

උත්තරදේවි දුම්රියේ නව බලවේග කට්ටලය අද ජනතා අයිතියට..

(UTV| කොළඹ) – කොළඹ – යාපනය කන්කසන්තුරේ උත්තරදේවි දුම්රියේ නව බලවේග කට්ටලය ජනතා අයිතියට පැවරීමේ සමාරම්භක චාරිකාව කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් අද (27) පෙරවරු 6.00 ට ආරම්භවිය.

මෙම අවස්ථාවට ඇමති අර්ජුණ රණතුංග සහ ඉන්දීය මහකොමසාරිස් තරංජිත් සිං සන්දු යන මහත්වරු සහභාගි වෙති.

උතුරු දකුණු සංහිඳියාව සංකේතවත් කරමින් මෙම දුම්රිය ධාවනයට එක් කිරීම විශේෂත්වයකි.

ඉන්දියාවෙන් ආනයනය කළ උත්තර දේවි බලවේග කට්ටලයට අයත් මැදිරි සංඛ්‍යාව 06 කි.

වායුසමනය කළ පළමු පන්තියේ මැදිරියක් මෙන්ම වායු සමනය කළ දෙවන පන්තියේ මැදිරියක් ද මීට අයත්ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රවීට සහ මංගලට අගමැතිගෙන් සුබපැතුම්

Mohamed Dilsad

වැට් බදු ආපසු ගෙවීමට විශේෂ කවුන්ටරයක් විවෘත කෙරේ

Mohamed Dilsad

විදුලිබල සේවකයෝ අඛණ්ඩ වැඩ වර්ජනයකට සැරසෙති

Mohamed Dilsad

Leave a Comment