ප්‍රමුඛ පුවත 1

පොලිස් නිලධාරින්ට ජනපතිගෙන් සම්මාන ලබාදීම් ඇරඹේ

(UTV| කොළඹ) – මතින් නිදහස් රටක් සංකල්පය සාර්ථක කර ගැනීමට දිවි හිමියෙන් කැපවූ හා නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමේදී විශේෂ දක්ෂතා දැක්වූ පොලිස් නිලධාරීන් ඇගයීමට ලක් කෙරේ.

ඒ වෙනුවෙන් පැවැත්වෙන ජනාධිපති ප්‍රශංසා සම්මාන උළෙල මේ වන විට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

2015 ජනවාරි 01 වන දා සිට 2019 ජනවාරි 14 වන දා දක්වා කාල පරිච්ඡේදය තුළ විෂ මත්ද්‍රව්‍ය වැටලීම් සිදුකිරීම සඳහා සක්‍රිය ලෙස දායකවී ඇති නිලධාරීන් සහ විෂ මත්ද්‍රව්‍ය ජාවාරම්වල යෙදුන සංවිධානත්මක අපරාධ මර්දනය කිරීම සඳහා සක්‍රීයව දායකවූ විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් ඇතුළු පොලිස් නිලධාරීන් 1034 දෙනෙකුට මෙහිදී ජනාධිපතිවරයා, පදක්කම් සහ ප්‍රශංසා සහතික පිරිනැමීමට නියමිතය.

කාණ්ඩ 3 ක් යටතේ මෙම ඇගැයීම් සම්මාන පිරිනැමෙන අතර ජනාධිපති පොලිස් වීරතා පදක්කම, පදක්කම්ලාභීන් 15 දෙනෙකු වෙතත්, පොලිස් දක්ෂතා පදක්කම පදක්කම්ලාභීන් 59 දෙනෙකු වෙතත් පිරිනැමීමට නියමිතව ඇතැයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ ය.

සෙසු පිරිසට ප්‍රශංසා සහතිකපත් පිළිගැන්වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මුස්ලිම් කොංග්‍රසයේ පුටු මාරු වෙයි

Mohamed Dilsad

නයිජීරියානු හමුදාවේ නියෝජිත කණ්ඩායමක් දිවයිනට [PHOTOS]

Mohamed Dilsad

චිත්‍රපට රංගන ශිල්පි බැස්ටිස් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

Leave a Comment