ප්‍රමුඛ පුවත 1

හැටන් කොළඹ මාර්ගයේ රථ වාහන ධාවනය යතා තත්ත්වයට

(UTV| කොළඹ) – හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනා ගමන කටයුතු මේ වන විය යතා තත්ත්වයට පත්ව ඇති බව අප වාර්තාකරු පවසයි.

අද (28) පෙරවරුවේ වතු කම්කරුවන් පිරිසක් ආරම්භ කර තිබු උද්ඝෝශ්නයක් හේතුවෙන් හැටන් නුවරඑලිය, හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනා ගමන කටයුතු හැටන් මල්ලිඅප්පුව මංසන්ධියෙන් සම්පුර්ණයෙන්ම ඇණ හිට තිබුණි.

වතු කම්කරුවන්ට රු 1000 ක මුලික වැටුපක් ලබාදෙන බව පවසමින් වතුකරයේ වෘත්තිය සමිති නායකයින් තමන්ට පොරොන්දු වූ රු 700 ක මුලික වැටුපක් පමණක් ලබා දි තමන්ව මුලා කල බව උද්ඝෝෂණයේ නිරත වතු කම්කරුවන් පවසයි.

නව වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් වු අවබෝධතා ගිවිසුමට අත්සන් කිරීමට වතුකරයේ දේශපාලඥයින් කටයුතු නොකල යුතු බව ඔවුන් අවධාරණය කරති.

ඔවුන් කළු කොඩි අතතිව හැටන් මල්ලිඅප්පුව මංසන්ධියෙන් ප්‍රධාන මාර්ගය අවහිර කරමින් වතු කම්කරුවන් උද්ඝෝෂනය කිරීම හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු වලට බාධා පැමිනුණි.

පසුව එම මාර්ගයේ ගමන් ගන්නා වාහන විකල්ප මාර්ග ඔස්සේ ධාවනය කරවන ලෙස පොලීසිය රියදුරන්ට දැනුම් දුන්නේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

දුම්රිය ධාවනය නොවීමෙන් මගීන් දැඩි අපහසුතාවයක

Mohamed Dilsad

යුද හමුදා මාණ්ඩලික ප්‍රධානීයාට සේවා දිගුවක්

Mohamed Dilsad

ගිලන් රථ රියදුරන් ද වර්ජනයේ

Mohamed Dilsad

Leave a Comment