ප්‍රමුඛ පුවත 1

මහා පරිමාන මත්කුඩු ජාවාරම්කරුවෙකු වන මොහොමඩ් සිද්ධික්ට ඇප

(UTV| කොළඹ) – හෙරොයින් ජාවාරමේ නිරතවී සිටියදී අත්අඩංගුවට ගෙන  බන්ධනාගාර ගත කර සිටි මොහොමඩ් සිද්ධික් නමැත්තාව ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය නියෝග කරයි.

රුපියල් දස ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ පනහ බැගින් වු ශරීර ඇප දෙකක් මත ඔහු මුදාහැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා නියෝග කර ඇත.

මොහොමඩ් සිද්ධික් නමැත්තා හෙරොයින් ජාවාරමේ නිරත වෙමින් රුපියල් කෝටි 51කට අධික මුදලක් උපයා ගැනීම වෙනුවෙන් මුදල් විශුද්ධීකරණ වැළැක්වීමේ පනතට අනුව ගැණෙන චෝදනා යටතේ පවරා තිබු නඩුවේ සැකකරුවෙකි.

මුදල් විශුද්ධිකරණ පනත යටතේ ගැණෙන වැරදි සිදුකර ඇතැයි චෝදනා කරමින් සැකකරුට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරණු ලැබීය.

ඔහුට සෑම මසකම පළමු ඉරිදා සහ තෙවන ඉරිදා සැකකරු හට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා  ඔහුට විදෙස් ගතවීම වැළැක්වීම සඳහා වන නියෝගයක් ද නිකුත් කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

වලස් ප්‍රහාරයකින් දෙදෙනෙක් රෝහලේ

Mohamed Dilsad

ගාලු පාර ලෝටස් වට රවුමෙන් වැසේ

Mohamed Dilsad

ආදිවාසීන්ගේ සහයත් සජිත්ට [VIDEO]

Mohamed Dilsad

Leave a Comment