විදෙස්

රාමේෂ්වරම් ධීවරයින් වර්ජනයක

(උදයම්,ඉන්දියාව) – කච්චතිව් දූපතේ ශාන්ති අන්තෝනී දේවස්ථානයේ වාර්ෂික මංගල්‍ය මෙවර වර්ජනය කිරීමට රාමේෂ්වරම් ධීවරයින් තීරණය කර තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඉන්දීය ධීවරයින් අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් ඔවුන් මෙලෙස වර්ජනයේ නිරත වන බවය.

ලබන 11 සහ 12 යන දින වල කච්චතිව් දූපතේ වාර්ෂික මංගල්‍ය පැවැත්වීමට සැලසුම් කර ඇත.වාර්ෂිකව 5000ක පමණ පිරිසක් ඉන්දියාවේ සිට කච්චතිව් මංගල්‍ය සඳහා සහභාගී වේ.

නමුත් මෙවර ඊට සහභාගී වීමට බැතිමතුන්ට ධීවර යාත්‍රා ලබානොදෙන බව රාමේෂ්වරම් ධීවරයින් පවසා තිබේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් ඉන්දීය ධීවරයින් අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් අද(7)  සිට උපවාසයක් ආරම්භ කරන බව රාමේෂ්වරන් ධීවරයින් පවසා ඇත.

Related posts

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් ලක්ෂ 10 ඉක්මවයි

Mohamed Dilsad

ඇමරිකානු ඩොලර් බිලියන 60ක බදු පැනවීමට චීනය සුදානම්

Mohamed Dilsad

අමෙරිකා ජනපති – සෞදි සල්මාන් කුමරුන් අතර සාකච්ඡාවක්

Mohamed Dilsad

Leave a Comment