ප්‍රමුඛ පුවත 1

මාලි රාජ්‍යයේ මිය ගිය යුද හමුදා නිලධාරීන් දෙදෙනා වෙනුවෙන් ඇමරිකානු ඩොලර් 50,000ක්..

(UTV| කොළඹ) – පසුගියදා අප්‍රිකානු මාලි රාජ්‍යයේ සාම සාධක රාජකාරිවල නිරතව සිටියදී බෝම්බ ප්‍රහාරයට ලක්ව ජීවිතක්ෂයට පත්වූ ශ්‍රී ලංකා යුද හමුදාවේ යුද හමුදා නිලධාරීන් දෙදෙනා වෙනුවෙන් ඇමරිකානු ඩොලර් 50,000 ක පමණ වන්දියක් හිමි වනු ඇති බව යුද හමුදා ආරංචි මාර්ග සදහන් කරයි.

එම ත්‍රස්ත ප්‍රහාරයේදී තුවාල ලැබූ අනෙකුත් හමුදා සාමාජිකයින් තුන්දෙනා වෙනුවෙන් ද වන්දි ලබාදීමට ජගත් සංවිධානය පියවර ගැනීමට නියමිතව ඇත.

ලෝකයේ කිසියම් හෝ රටක ආරක්ෂක අංශ නිලධාරීන්, ජගත් සාම සාධක හමුදා කණ්ඩායම් සමඟ එක්ව කටයුතු කරන අතරතුර ත්‍රස්ත ක්‍රියාවලින් මිය ගියහොත් හෝ තුවාල ලැබීමක් සිදුවුවහොත්  ඔවුන් වෙනුවෙන් වන්දි පිරිනැමීම සාමාන්‍ය ක්‍රමවේදයයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මොරගහකන්ද ජලාශය සමඟ කෘෂිකාර්මික කටයුතුවල නැවුම් පිබිදීමක්

Mohamed Dilsad

‘කළුතර වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් කඩිනමින් නීතියේ රැහැනට හසුකර ගත යුතුයි’ඇමති සාගල

Mohamed Dilsad

බිමත් රියදුරන් 219 දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment