ප්‍රමුඛ පුවත 1

ජාතික නිදහස් දින සමරුම් උත්සවයට මහින්ද නෑ..

(UTV| කොළඹ) – විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පෙබරවාරි 04 වැනිදා ගාලුමුවදොර පිටියේ පැවැත්වෙන ජාතික නිදහස් දින සමරුම් උත්සවයට සහභාගි නොවන බවට රාජපක්ෂ මහතාගේ පාර්ශ්වයෙන් දැනුම්දුන් බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

හිටපු ජනාධිපතිවරයෙකු,අගමැතිවරයෙකු මෙන්ම වත්මන් විපක්ෂනායක ධුරයද දරන බැවින් මහින්ද රාජපක්ෂ මහතාට නිදහස් උත්සවයට සහභාගි වන්නැයි ආරාධනා පත් යොමුකර ඇති බවද පැවසේ.

කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම් උදිත් ලොකුබණ්ඩාර මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා පවසා සිටියේ,මහින්ද රාජපක්ෂ මහතාට නිදහස් උත්සවයට සහභාගිවන්නැයි ස්වදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ආරාධනයක් ලැබී තිබෙන බවත්,එම උත්සවයට සහභාගිවනවාද නැද්ද යන්න සම්බන්ධව විපක්ෂනායකවරයා මේ දක්වා තීරණයක් ගෙන නොමැති බවත් මාධ්‍ය වෙත පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මුත්තු සිවලිංගම් නියෝජ්‍ය අමාත්‍ය ධුරයක්

Mohamed Dilsad

ජපාන විශේෂ නියෝජිත පිරිසක් අගමැති හමුවෙයි

Mohamed Dilsad

ඇදිරි නීති කාලය තුළ මාර්ග වල සිටි 291 අත්අඩංගුවේ

Mohamed Dilsad

Leave a Comment