ප්‍රමුඛ පුවත 1

නීති විරෝධීව මුදල් අය කරන විදුහල්පතිවරුන්ට වැඩ වරදී

(UTV| කොළඹ) – අනුමත පහසුකම් හා සේවා ගාස්තුවලට වඩා වැඩි මුදලක් නීතිවිරෝධී ලෙස අයකරමින් ක්‍රියාකරන විදුහල්පතිවරුන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස  අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා උපදෙස් ලබාදෙයි.

පහසුකම් හා සේවා ගාස්තු බව අඟවමින් අනුමත පහසුකම් හා සේවා ගාස්තුවලට අමතරව අධික මුදලක් චක්‍රලේඛ උල්ලංඝනය කරමින් සිසු දරුවන්ගෙන් අයකරන විදුහල්පතිවරු සම්බන්ධයෙන් දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අධ්‍යාපන ලේකම්වරයාට උපදෙස් ලබා දී තිබේ.

පහසුකම් හා සේවා ගාස්තු අයකිරීමේ දී එම මුදල ජාතික පාසලක් නම් අධ්‍යාපන ලේකම්වරයාගෙන් සහ පළාත් පාසලක් නම් පළාත් අධ්‍යාපන ලේකම්වරයාගෙන් අනුමත කරගත යුතු අතර, එසේ නොමැතිව තම අභිමතය පරිදි චක්‍ර ලේඛ පවා උල්ලංඝනය කරමින් ඇතැම් ජාතික පාසල් කිහිපයක විදුහල්පතිවරුන් මුදල් අයකර ගන්නා බවට තොරතුරු ලැබී තිබේ.

ඒ අනුව මාපියන්ට සහ දරුවන්ට හිරිහැරයක් වන අයුරින් මුදල් එක්රැස් කරන මෙම විදුහල්පතිවරු සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර කඩිනමින් වාර්තාවක් ලබාදෙන ලෙස අධ්‍යාපන අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.

මීට අමතරව මේ සම්බන්ධ පැමිණිලි අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්ෂණික දුරකථන අංක 1988 ඔස්සේ දැනුම්දිය හැකි බවට ජනතාව දැනුවත් කරන ලෙස ද අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දී ඇති බව එම අමත්‍යංශය සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සය පුද්ගල ඝාතනයට දෙදෙනෙකුට මරණ දඬුවම..

Mohamed Dilsad

කුඩු රොෂාන් ඝාතනයට සම්බන්ද තිදෙනෙකු රිමාන්ඩ්

Mohamed Dilsad

“නියං තත්ත්වයේදී ජනතාවට සහන සැලසීමට ත්‍රිවිධ හමුදාව කැදවනවා” ජනපති

Mohamed Dilsad

Leave a Comment