ප්‍රමුඛ පුවත 1

රේගු වර්ජනය තුන්වන දිනටත්

(UTV| කොළඹ) – රේගු ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අද තුන් වන දිනටත් අද (01) ක්‍රියාත්මකයි.

රේගු ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පෙරේදා පස්වරුවේ මෙම වර්ජනය ආරම්භ කලේ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස කටයුතු කළ පී.එස්.එම්.චාල්ස් ඉවත් කර ඒ වෙනුවට නාවික හමුදාවේ විශ්‍රාමික නිලධාරියෙකු පත් කිරීමට එරෙහිවය.

ඒ අනුව ඊයේ(31) සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළේය.

ඊට රේගු මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමය, රේගු අධිකාරී සංගමය, රේගු නිලධාරීන්ගේ සංගමය, බහාළුම් ප්‍රවාහනය කරන්නන්ගේ සංගමය සහ රේගු නිෂ්කාශණය කරන්නන්ගේ සංගමය මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එක්ව සිටියි.

මේ අතර,මුදල් අමාත්‍යාංශය විසින් රේගු දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස මුදල් අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු වන එච්.ජී.සුමනසිංහ පත් කර තිබේ.

එම නිලධාරීයාද රේගු අධ්‍යක්ෂ ජනරාල් ධූරයට සුදුස්සෙකු නොවන බව රේගු අධිකාරීවරුන්ගේ සංගමයේ සභාපති උදිත ජයසිංහ පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඡන්දය භාවිතා කිරීමේ ප්‍රතිශතය ඉහළට

Mohamed Dilsad

පාකිස්තානු විදේශ අමාත්‍ය අග්‍රාමාත්‍ය හමුවෙයි [VIDEO]

Mohamed Dilsad

රජයේ සේවකයන්ට රජයෙන් සහන.

Mohamed Dilsad

Leave a Comment