ගොසිප්

අප්‍රේල් 02 වනදා සිට ගූගල් ප්ලස් (google+) අත්හිටුවයි…

(UTV| ඇමරිකාව) – ගූගල් සමාගම විසින් පවත්වාගෙන යන සමාජ මාධ්‍යක් වන ගූගල් ප්ලස්  (google+) සේවාව මේ වසරේ අප්‍රේල් 02 සිට නවතා දැමීමට  ගූගල් සමාගම තීරණය කර ඇත.

ඊට හේතුව ගූගල් ප්ලස් බාවිතා කරන්නන් අඩු මට්ටමක පැවතීමහා එම සේවය පාරිභෝගිකයින් බලාපොරොත්තුවන මට්ටමින් පවත්වාගෙන යාමට ඇති අභියෝග බව එම සමාගම පවසයි.

ඒ අනුව අප්‍රේල් 02 වනදා සිට දැනට පවතින ගූගල් ප්ලස් ගිණුම්, පිටු සහ ඒවායේ අන්තර්ගතයන් මකා දැමීම ආරම්භ කරනු ලැබේ.

ගූගල් සමාගම ඒවායේ අන්තර්ගතයන් ගිණුම් හිමියන් හට අප්‍රේල් මසට පෙර බාගත කර තබාගතහැකි බවද දැනුම් දෙයි.

එළැඹෙන පෙබරවාරි 04 වන දිනෙන් පසුව නව ගූගල් ප්ලස් ගිණුම් විවෘත්ත කළ නොහැකි බවත් එම සමාගම නිවේදනයක් මගින් වැඩිදුරටත් දැනුම්දෙනු ලබයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අවදානම් ප්‍රදේශ වල උසස් පෙළ විභාග රාජකාරිය කළ සියළු දෙනා PCR පරීක්‍ෂණයට

Mohamed Dilsad

කොරෝනා සැක රෝගියකු හෝමාගම රෝහලෙන් පනී

Mohamed Dilsad

Sex වචනය පරීක්ෂාවෙන් ශ්‍රී ලංකාව දෙවන තැනට පත්වෙයි

Mohamed Dilsad

Leave a Comment