ප්‍රමුඛ පුවත 1

අතුරුදන්වූ දැරියක් සොයා මෙහෙයුම්

(UTV| කොළඹ) – වයස අවුරුදු හතර හමාරක දැරියක් දින කිහිපයක සිට අතුරුදන්ව ඇති පුවතක් වාර්තාවේ.

පුත්තලම සාලියවැව නීගලම ප්‍රදේශයේ පදිංචිව සිටි දැරියක මෙලෙස අතුරුදන්ව ඇත.

නමුත් මේවන තෙක් දැරිය සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් වාර්තා වී නොමැත.

පසුගිය 30වනදා උදෑසන තම මව සමඟ සිට ඇති මෙම දැරිය ඉන් පසුව ආගියඅතක් නොමැති බව ඇගේ ඥාතීන්  පවසයි.

එම නිවස අසල කලා ඔයත් පිහිටා තිබේ.

සාලියවැව පොලිස් නිලධාරීන් පැමිණ පරීක්ෂණ පොලිස් නිල සුනඛයින්ද යොදා දැරිය සෙවීමේ කටයුතු සිදු කලද ඊයේ දිනවන විටත් දැරිය පිළිබද කිසිදු තොරතුරක් වාර්තා වී නොමැත.

දැරිය ඝාතනය කර ඇද්ද යන්න සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ සිදුකරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

හිටපු ආරක්ෂක ලේකම් විශේෂ මහාධිකරණයට

Mohamed Dilsad

අයහපත් කාලගුණය පවතින ප්‍රදේශ වල පාසැල් පැවැත්වීම සම්බන්ධයෙන් තීරණයක්

Mohamed Dilsad

ශ්‍රේෂ්ඨාධිකරණයේ මුලික් අයිතිවාසිකම් පෙත්සම් විභාගය ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment