ප්‍රමුඛ පුවත 1

සමෘද්ධිමත් දේශයක් ස්ථාවර රාජ්‍යයක් සඳහා එක්වෙමු – අගමැති

(UTV| කොළඹ) – යහපාලන රජය බලයට පත්වීමෙන් පසුව විවිධ බාධා සහ අභියෝග මැද නව සමාජ, දේශපාලන සංස්කෘතියක් ඇති කිරීමටද, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා යම් පියවර ගැනීමටද හැකිවූ බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ජාතික නිදහස් දින පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටී.

එම පණිවුඩයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.

‘නිදහස’ වඩාත් අර්ථවත් වීමට නම් යම් දේශයක, ජන සමාජයක මනුෂ්‍යයා මෙන්ම සමස්ත පරිසරය ආර්ථික, සමාජ, දේශපාලන මෙන්ම අධ්‍යාත්මික සංහිඳියාව අයත් කරගත යුතුය. එය හුදෙක් සැමරුමකින් පමණක් දිනාගත හැක්කක් නොවේ. ඒ සඳහා ක‍්‍රමවත් සැලැස්මක් සහ සාමූහික කැප කිරීමක් අත්‍යවශ්‍යය.

දීර්ඝකාලීනව අප රට යටත්ව පැවැති විදෙස් පාලනයෙන් නිදහස ලැබීම සමරනු ලබන නිදහස් දිනය වාර්ගික, ආගමික අගතීන් පරාජය කළ අතික‍්‍රමණය කළ ‘ජාතික නිදහස’ වඩාත් අර්ථවත් කරන සමාජ වෙනසකට මඟ පාදන කතිකාවක් සහ කි‍්‍රයාකාරීත්වයක් සඳහා කදිම අවස්ථාවකි.

71 වන ජාතික දිනය සමරන මේ අවස්ථාවේ දියුණු සමාජ, දේශපාලන අවකාශයක සැබෑ නිදහස අත්දකින පුරවැසියන් ලෙස දිවි ගෙවීම සඳහා ශක්තිමත් ආර්ථිකයක්, ස්ථාවර රාජ්‍යයක්, සමෘද්ධිමත් දේශයක් සඳහා එක්ව වැඩ කිරීමට ඔබ සැමට ඇරයුම් කරමි

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නව කර්මාන්තශාලා සඳහා පරිසර ආරක්ෂණ බලපත්‍රය අනිවාර්යයි

Mohamed Dilsad

කෝට්ටේ මහ නගර සභාවේ හිටපු නගරාධිපති ජනක රණවකට අධි චෝදනා..

Mohamed Dilsad

කුලියාපිටියේ කර්මාන්ත ශාලාවක ගින්නක්

Mohamed Dilsad

Leave a Comment