ප්‍රමුඛ පුවත 1

2019 අයවැය විසර්ජන පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවට

(UTV| කොළඹ) – 2019 වර්ෂයේ අයවැයට පදනම් වන විසර්ජන පනත් කෙටුම්පත  අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි.

ඒ සභානායක අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා විසිනි.

රජයේ සමස්ත වියදම රුපියල් බිලියන 2312ක් වන අතර මෙවර වැඩිම මුදලක් වෙන් කර ඇත්තේ ආරක්ෂක අමාත්‍යාංශය සඳහායි.

එය රුපියල් කෝටි 39,306කි. මෙම විසර්ජන පනත් කෙටුම්පතට පසුගිය දා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ අතර ඒ අනුව අයවැය යෝජනා ලබන මාර්තු 5 වන දා ඉදිරිපත් කිරීමට නියමිතය.

අයවැය තුන්වන වර කියවීමේ විවාදය මාර්තු මස 13 වනදා ආරම්භ කෙරෙන අතර, අවසන් ඡන්ද විමසීම අප්‍රේල් මස 4 වනදා සිදුකිරීමට කටයුතු යොදා ඇත.

මේ වන විට සභාව කල් තැබීමේ විවාදය පැවැත්වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

පුද්ගල මළ සිරුරක් තලවතුගොඩ ප්‍රදේශයෙන් සොයා ගනී

Mohamed Dilsad

එජාපයේ නායකත්වය පිළිබඳ තීරණය ලබන බ්‍රහස්පතින්දා

Mohamed Dilsad

අර්ජුන් ඇලෝසියස්,කසුන් පලිසේන ඇප අයඳුම්පත ප්‍රතික්ෂේපයි

Mohamed Dilsad

Leave a Comment