ක්‍රීඩා

ක්‍රිකට් පුහුණූකරු ඔස්ට්‍රේලියාවේදි කළ වැරදි ගැන හෙළිදරව්වක් .

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණූකරු වෙත තේරිම් කමීටුවේ කටයුතු සඳහා සම්බන්ධවිමට පුළුල් බලතල පැවරී තිබිම හේතුවෙන් සිය කමීටුව අසරණ වී ඇති බව තේරිම් කමීටු සභාපති අසන්ත ද මෙල් මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.

කණ්ඩායමේ පිතිකරු පෙළගැස්විම සැකසීම තේරිම් කමීටුව වෙත පැවරි නොමැති බවත් එම කාර්ය ප්‍රධාන පහුණුකරු විසින් සිදු කරන බවත් හෙතෙම පෙන්වා දෙයි.

ඒ අනුව ඔස්ට්‍රේලියාව සමග පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන ඉනිමේදි කුසල් මෙන්ඩිස් අංක 04 ස්ථානයේ සිට අංක 05 ස්ථානයේ පිතිකරණයේ යෙදවිමත්, නිරෝෂන් දික්වැල්ල අංක 07 ස්ථානයේ සිට අංක 04 ස්ථානයේ පිතිකරණයේ යෙදවිම,අතැම්  ක්‍රීඩකයින් ආරක්ෂා කර ගැනිමට පුහුණුකරු විසින් ගත් පියවරක් බවත් මෙල් මහතා පෙන්වා දෙයි.

කෙසේ වෙතත් සෑම ක්‍රීඩකයෙක්මට එක සමානව සැලකිමක් සිදු කළ යුත් බවත්, අංක 3,4,5 යන ස්ථානයන්හි නිත්‍ය ක්‍රීඩකයින් විසින් පිතිකරණයේ යෙදිය යුතු බවද එ මහතා පෙන්වා දෙයි.

එසේම ළහිරු තිරිමාන්න ආරම්භක පිතිකරුවෙක් ලෙස යොදා ගැනිමට ගත් ක්‍රියාමාර්ගය උචිත නොවන් බවත් ඔහු සුදුසු 03 වන ස්ථානයේ ක්‍රීඩා කිරිමටත් බව සභාපතිවරයා අවධාරණය කර සිටියි.

එසේම කුසල් පෙරේරාව අංක 05 ස්ථානයේ යොදා ගැනිම උචිත නොවන බවත් ක්‍රීඩකයින් 17 දෙනෙක් සංචිකයට තෝරා යැවුවද අවසන් 11 දෙනා තෝරා ගැනිම සිදු කරන්නේ පුහුණුකරුගේ අභිමතය පරිදි වන බවද හෙතෙම පෙන්වා දෙයි.

මීන් පෙර කණ්ඩායම් කළමණාකරු, නායකයා සමග එක්ව කණ්ඩායම තෝරා ගැනිමට කටයුතු කළ නමුත් මෙ වන විට පුහුණූකරුට සියළු බලතල හිමීව ඇති බවත් සභාපතිවරයා කියයි.

පුහුණුකරුට අරුම පුදුම ගෙවිමක් කරන බවත් එහෙයින් ක්‍රීඩකයින් තේරිමේදි කණ්ඩායම් කළමණාකරු, අනෙක් පුහුණුකරුවන් හා එක්ව කටයුතු කළ යුතු බවත් තරග පරාජය විම පිළිබඳව බරපතල සිතිය යුතු බවත් හෙතෙම පෙන්වා දෙයි.

කොන්ත්‍රාත්තුවේ කාර්ය සාධන වගන්තියක් තිබිය යුතු බවත්, කාර්ය සාධනය නොමැතිනම් මුදල් ගෙවි කළ නොහැකි බවද , එය දරුණූ තත්වයක් වන බවත් අසන්ත ද මෙල් මහතා වැඩි දුරටත් සඳහන් කර සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කි‍්‍රකට් විනිසුරුවරුන් 133 දෙනෙකුට උසස්වීම්

Mohamed Dilsad

ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරඟාවලියේ බංගලාදේශයට එරෙහි පළමු තරඟය කඬුලු 07කින් ශ්‍රී ලංකා ව ජයගනී

Editor O

IPL 2021 : කිරුළ චෙන්නායි සුපර් කිංග්ස්ට

Mohamed Dilsad

Leave a Comment