ප්‍රමුඛ පුවත 1

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 18 ක ජල කප්පාදුවක්..

(UTV| කොළඹ) – කොළඹ 01, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට ලබන සෙනසුරාදා (09) පැය 18 ක කාලයක් ජල සැපයුම අත්අහිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව ලබන සෙනසුරාදා රාත්‍රි 09.00 සිට ඉරිදා පස්වරු 03.00 දක්වා පැය 18ක කාලයක් එලෙස ජල සැපයුම අත්හිටුවනු ඇත.

මේ අතර පිටකොටුව ප්‍රදේශයට අඩු පීඩනයක් යටතේ ජල සැපයීම සිදු කෙරෙන බව එම මණ්ඩලය සඳහන් කරයි.

මහ කොළඹ ජල හා අපජල වැඩිදියුණු කිරීමේ වැඩසටහන යටතේ සිදු කෙරෙන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව සඳහන්.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රජයේ විධායක නිලධාරින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය තාවකලිකව අත්හිටුවයි

Mohamed Dilsad

විසි වන සංශෝධනයේ කෙටුම්පත් නීතිපතිවරයා වෙත

Mohamed Dilsad

සයිටම්ට එරෙහි සත්‍යග්‍රහයක්

Mohamed Dilsad

Leave a Comment