ප්‍රමුඛ පුවත 1

ඩුබායි අත්අඩංගුවේ පසුවන රංගන ශිල්පියාගේ සහෝදරයන්ද අත්අඩංගුවට

(UTV| කොළඹ) –  ඩුබායිහිදී  අත්අඩංගුවට ගෙන සිටින රංගන ශිල්පී රයන් වැන්ඩස්ට්‍රෝයිගේ සහෝදරයා අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අද (07) පස්වරුවේ ඔවුන්ගේ නිවෙස් පරීක්‍ෂා කිරීමෙන් අනතුරුවය.

රයන් වැන් රෝයන් පදිංචිව සිටි දෙහිවල පිහිටි නිවස අද පස්වරුවේ පොලිස් විශේෂ කාර්ය බලකායේ පරීක්ෂාවට ලක් කර තිබේ.

එම නිවසේ තිබී රහස් කුහරයක් සහිත ගමන් මල්ලක් සහ ඩිජිටල් තරාදියක් සොයාගෙන ඇත.

එහිදී රංගන ශිල්පී රයන් වැන් රෝයන්ගේ සොහොයුරා සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

මේ අතර ගායන ශිල්පී අමල් පෙරේරාගේ නිවසද පරීක්ෂාවට ලක් කිරීමේදී හිස් කොකේන් කොපු කිහිපයක් සොයා ගැනුනු බව පොලිසිය පවසයි.

මේ අතර අත්අඩංගුවට ගත් පාතාල නායක මාකදුරේ මධූෂ් ඇතුළු පිරිස මේ වනවිට ඩුබායි හි පිහිටි අබිහිල් අල්මුල්ලා ප්ලාසාහි සිර මැදිරියක රදවා සිටින බව වාර්තා වේ.

සැකකරුවන්ගේ රුධිරයේ අඩංගු මත්ද්‍රව්‍ය පිළිබඳව නිගමනය කිරීම සඳහා ඔවුන්ගේ රුධිර සාම්පලද ඩුබායි පොලිසිය විසින් ලබාගෙන ඇත.

සමරසිංහ ආරච්චිලාගේ මධූෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධූෂ් නමැති පාතාල කල්ලි සාමාජිකයා ඇතුළු මෙරට ප්‍රධාන පෙලේ පාතාල සාමාජිකයින් සිව් දෙනෙකු ඇතුළු 25 දෙනෙකු පසුගිය 5 වනදා අලූයම අත්අඩංගුවට ගනු ලැබුවේ ඩුබායි තරු 6 හෝටලයක සාදයක් පවත්වමින් සිටියදීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සාමාන්‍ය පෙළ සියලු උපකාරක පන්ති හා දේශන හෙටින් අවසන්

Mohamed Dilsad

පාර්ලිමේන්තුවේ ආරක්ෂාවට මිලියන 110 ක නවීන කැමරා පද්ධතියක්

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයකට නාය යෑමේ රතු එළි

Mohamed Dilsad

Leave a Comment