ප්‍රමුඛ පුවත 1

මොරගහකන්ද ජලාශයේ මංගල දියවර නිකුත් කිරීම අද

(උදයම්,කොළඹ ) – ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මොරගහකන්ද ජලාශයේ මංගල දියවර නිකුත් කිරීම අද සිදු කෙරේ.
මෙරට ක්‍රියාත්මක වන විශාලතම බහුකාර්ය ව්‍යාපෘතිය ලෙස සැළකෙන මොරගහකන්ද – කළු ගඟ සංවර්ධන ව්‍යාපෘතියේ මහ වේල්ලේ නිධන් වස්තු තැන්පත් කිරීම 2016 වසරේ ජූලි 25 වනදා සිදු කෙරුණි.

මහවැලි සංවර්ධන සහ පරිසර අමාත්‍යාංශය විසින් අධීක්ෂණය කරනු ලබන මෙම ව්‍යාපෘතිය සඳහා වැය කිරීමට අපේක්ෂිත මුදල ඇමරිකානු ඩොලර් මිලියන 555.7කි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන එවකට කෘෂිකර්ම සංවර්ධන හා ගොවිජන සේවා අමාත්‍යවරයාව සිටියදී එනම්, 2007 වසරේදී මෙම ව්‍යාපෘතිය සඳහා මුල් ගල තබන ලදී.

එහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කෙරුණේ 2012 වසරේදිය.

මොරගහකන්ද ව්‍යාපෘතිය යටතේ පරාක්‍රම සමුද්‍රය මෙන් හයගුණයක විශාලත්වයෙන් යුත් ජලාශ දෙකක් ඉදිකර මෙගාවොට් 25 ක ජල විදුලි නිෂ්පාදනයකට ද රජය සැළසුම් කර තිබේ.

මෙම ව්‍යාපෘතිය මගින් ජාතික නිෂ්පාදිතයට ඇමරිකානු ඩොලර් මිලියන 30 ක ආදායමක් අපේක්ෂා කරන අතර ප්‍රතිලාභ හිමිවන පවුල් සංඛ්‍යාව ලක්ෂ දෙකකි.

කළු ගඟ ජලාශයේ සිට මොරගහකන්ද ජලාශය දක්වා කිලෝමීටර 9 ක උමං මාර්ගයක් ඔස්සේ ජලය ගෙන ගොස් එතැන් සිට කිලෝමීටර 67 ක් දුරින් පිහිටි හුරුළු වැව දක්වා තවදුරටත් ජලය ගෙන යයි.

ඒ සඳහා කිලෝමීටර 26 ක් දිගින් යුත් උමං මාර්ගයක් ඉදිකෙරෙනු ඇත.

මෙම ව්‍යාපෘතියේ කළු ගඟ ජලාශයේ ඉදි කිරීම 2018 වසරේදී අවසන් කෙරෙන අතර සම්පූර්ණ ව්‍යාපෘතිය නිම කෙරෙන්නේ 2020 වසරේදියි.

නූතන යුගයේ දැවැන්ත සංවර්ධන කටයුත්තක් වන මොරගහකන්ද කළු ගඟ ව්‍යාපෘතිය මගින් උතුරුමැද, වයඹ සහ නැගෙනහිර පළාත්වල ඉඩම් අක්කර ලක්ෂ 3 ක් අලූතින් අස්වැද්දීමට හැකියාව තිබේ.

Related posts

ආණ්ඩු පාක්ෂික මන්ත්‍රීවරුන් හා අමාත්‍යවරුන් කොළඹට කැඳවයි

Mohamed Dilsad

විදෙස් ගතවන කාන්තාවන්ගේ ආරක්ෂාවට වැඩසටහනක්

Mohamed Dilsad

2017 වසරේ පාරිභෝගික අධිකාරියේ වැටලීම්වල17% ක වර්ධනයක්- අමාත්‍ය රිෂාඩ් බදියුදීන්

Mohamed Dilsad

Leave a Comment