විදෙස්

රාජකන්‍යා කුමරිය තායි මැතිවරණයට නොසුදුසු බව මැතිවරණ කොමිසම කියයි…

(UTV| තායිලන්ත) – තායිලන්ත මහ මැතිවරණයේ අග්‍රාමාත්‍ය ධූරය සඳහා තරග වැදීමට රාජකන්‍යා බර්නවාදී රජ කුමරිය නොසුදුසු බව තායි මැතිවරණ කොමිසම ඊයේ (11) ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එළැඹෙන මාර්තු 24 වැනිදා එරට පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට තරග කරන දේශපාලන පක්ෂ හා අග්‍රාමාත්‍ය ධූරය සඳහා තරග කරන ඡන්ද අපේක්ෂයන් ප්‍රකාශයට පත්කරමින් මැතිවරණ කොමිසම විසින් මෙම තීරණය දැනුම් දී තිබේ.

රාජකන්‍යා කුමරිය පසුගියදා අග්‍රාමාත්‍ය ධූරය සඳහා තරග වැදීමට ඉදිරිපත් වූ අතර තායි රජු මහා වජිරලොන්කොන් එය දැඩි විවේචනයට ලක් කෙරිණි.

තායි රජ පවුල සම්ප්‍රදායිකව දේශපාලන කටයුතුවලින් ඉවත්ව ඇති පසුබිමක සිය වැඩිමහල් සොහොයුරියගේ ක්‍රියා කලාපය කිසිසේත් අනුමත නොකරන බව තායි රජු අවධාරණය කළේය.

ප්‍රබල සමාජ ක්‍රියාකාරිනියක වන රාජකන්‍යා කුමරිය පවසන්නේ, අග්‍රාමාත්‍ය ධූරයට ඉදිරිපත් වී සාමාන්‍ය පුරවැසියෙකුට හිමි වරප්‍රසාද ලබාගැනීමට තමාට අවශ්‍ය බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇෆ්ගනිස්ථානය සහ තලේබාන් සංවිධානය අතර පළමු සාම සාකච්ඡා ඇරඹේ

Mohamed Dilsad

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අත්හිටුවීමට කල ඉල්ලීමට මහාරැජින ගේ අනුමැතිය

Mohamed Dilsad

බ්‍රසීලයේ කොරෝනා මරණ 20,000 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment