ප්‍රමුඛ පුවත 1

ජිනිවා මානව හිමිකම් මණ්ඩලයට ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාවක් මෙවරත්

(UTV| කොළඹ) – ශ්‍රී ලංකාව පිළිබඳ තවත් යෝජනාවක් මෙවරද ජිනිවා මානව හිමිකම් සැසිවාරයට ඉදිරිපත් කිරීමට එක්සත් රාජධානිය සුදානම් වන බව වාර්තාවේ.

එය 2015 වසරේ සම්මත වූ යෝජනාවේ ඇතුළත් වගකීම් ක්‍රියාවට නැංවීම අවධාරණය කිරීම සඳහා ඉදිරිපත් කරන බව බ්‍රිතාන්‍යය රජය සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ සංහිදියාව ප්‍රවර්ධනය කිරීම සඳහා වන එම යෝජනාව ඔවුන් ඉදිරිපත් කරන්නේ කැනඩාව, ජර්මනිය, මැසිඩෝනියාව සහ මොන්ටිනීග්‍රෝ යන රාජ්‍යයන් සමඟයි.

ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට අපේක්ෂා කරන බව ද බ්‍රිතාන්‍ය රජය නිකුත් කර ඇති නිවේදනයක සඳහන්වේ.

ලබන 25 වන දා සිට මාර්තු 22 වන දා දක්වා පැවැත්වෙන ජිනිවා මානව හිමිකම් මණ්ඩලයේ 40 වන සැසි වාරයේදී ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කන්ජිපානි ඉම්රාන්ගේ ප්‍රධානතම ගෝලයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

දුමින්ද දිසානායක ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට

Mohamed Dilsad

අගමැතිගේ වියදම් කැපීමට ගෙන ආ යෝජනාව ව්‍යවස්ථානුකූලයි – කථානායක

Mohamed Dilsad

Leave a Comment