ක්‍රීඩා

අද තරඟය ගැන නායක දිමුත් කියන කතාව

(UTV|දකුණු අප්‍රිකාව) – සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරගය අද (13) දහවල ආරම්භවීමට නියමිතය.

අද තරඟය ගැන අදහස් දක්වන ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පවසන්නේ “අලුත් ක්‍රීඩකයින් කිහිපදෙනෙකුත් කණ්ඩායමට ඇවිත් ඉන්නේ. ඒක හොද දෙයක්. එයාලා ශ්‍රී ලංකාවේ දේශීය තරගවලදී හුගක් හොදින් දස්කම් දක්වපු අය. ක්‍රීඩකයින් කිහිපදෙනෙක් දේශීය තරගවලදී ලකුණු 1000සේ සීමාවත් පසු කර තිබෙනවා. මම හුගක් උනන්දුවෙන් ඉන්නේ එයාලා ක්‍රීඩාකරන විදිහ බලාගන්න. නායකයෙක් වශයෙන් මම එයාලා තුළ හොද විශ්වාසයක් ඇති කරලා තියෙනවා. මම එයාලාට කියලා තියෙන්නේ කණ්ඩායම දැන් වැටිලා තියෙන තත්ත්වයෙන් ගොඩ ගන්න අපි කැපවීමෙන් කොහොමද ක්‍රීඩා කරන්න ඕනේ කියලා“.

 “අපිට ලකුණු ලබාගන්න ක්‍රමයක් සොයාගන්න පුළුවන්.මම ඇතුළුව තවත් ක්‍රීඩකයින් කිහිපදෙනෙක් අවසානයේදි දකුණු අප්‍රිකාවේදී ක්‍රීඩා කළා. ඉතිං අපි කිහිපදෙනෙක් දන්නවා මොනවගේ සැළැස්මකට ද ක්‍රීඩා කරන්න ඕනේ කියලා. ඒ වගේම අපේ සැළැස්ම නවක ක්‍රීඩකයනුත් දන්නවා”.

“අපි කණ්ඩායමක් විදිහට උත්සාහ කරන්නේ ක්‍රිකට් ගැන පමණක් අවධානය යොමු කරන්න. පිටතින් එන ගැටළු ගැන අවධානය යොමු කරන්නේ නැහැ. කණ්ඩායම තුළ වෙනස්කම් සිදුවෙන්නේ තේරීම් කමිටුවට අනුව. අපිට අවශ්‍ය හොදින් ක්‍රිකට් ක්‍රීඩා කරන්න. ඒ වගේම තරගකාරීව දකුණු අප්‍රිකාවට මුහුණදෙන්න”.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් වාර්තා ගත ශුද්ධ ලාභයක්

Mohamed Dilsad

20-20 කාන්තා ලෝක කුසලාන තරගාවලිය අදින් ඇරඹේ

Mohamed Dilsad

ක්‍රිස් ගේල් 10,000 පසු කරයි

Mohamed Dilsad

Leave a Comment