ප්‍රමුඛ පුවත 1

අපරාධ බුද්ධි තොරතුරු විශ්ලේෂණ මෘදුකාංගයක් ස්ථාපිත කරයි..

(UTV| කොළඹ) – අපරාධ බුද්ධි තොරතුරු විශ්ලේෂණ මෘදුකාංගයක් ස්ථාපිත කිරීමට කටයුතු කළ බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

අපරාධ ඇතිවීමට හේතු හඳුනාගැනීම, අපරාධකරුවන්ගේ ක්‍රියාකාරකම් හඳුනාගැනීම සහ ව්‍යාප්තිය වැඩිවීම හා අපරාධ සිදුවන කාලය හඳුනාගැනීම සඳහා මෙම අපරාධ බුද්ධි තොරතුරු විශ්ලේෂණ මෘදුකාංගයක් ස්ථාපිත කර තිබේ.

බල අපරාධ 26 ක් හා ඒ යටතේ ඇති අනු කොටස් යටතේ දිවයිනේ සියලුම පොලිස් ස්ථාන වෙත වාර්තාවන බල අපරාධ සම්බන්ධ තොරතුරු මෙම මෘදුකාංගයට ඇතුළත් කර විශ්ලේෂණය කිරීම සිදුකරන බවද පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

මෙම දත්ත අදාළ පද්ධතියට ඇතුළත් කළ පසු සමස්ත දිවයිනේම සිදුවන අපරාධවල අඩුවැඩි වීම, සිදුවූ කාලහෝරාව හා අපරාධ වැඩිපුර සිදුවන බල ප්‍රදේශ පිළිබඳ පොලීසියට ක්‍ෂණිකව තොරතුරු ලබා ගැනීමේ හැකියාව ද ලැබේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය හා පොලීසිය එක්ව මෙම බුද්ධි තොරතුරු විශේලේෂණ පද්ධතිය ඇතිකිරීමේ කටයුතු සිදුකර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සජිත් සහ එජාප පසු පෙළ මන්ත්‍රීවරුන් අතර හමුවක්

Mohamed Dilsad

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කිරීමත් ප්‍රමාද වෙයි

Mohamed Dilsad

පාර්ලිමේන්තුවේ කැඳවීමේ සීනුව නාද කරයි…

Mohamed Dilsad

Leave a Comment