ප්‍රමුඛ පුවත 1

ගාලුපාර තාවකාලිකව වසා දැමේ

(උදයම්,කොළඹ) –  සරසවි සිසුන්ගේ පාගමනක් හේතුවෙන් කොල්ලුපිටිය හංදියෙන් සහ සෙරමික් හංදියෙන් ගාලු පාර වසා දමාඇති බෙව පොලිසිය දැනුම් දෙයි.

මෙම පාගමන  කොල්ලුපිටිය ප්‍රදේශය පසුකර පැමිණෙන බැවින් කොල්ලුපිටිය ප්‍රදේශයේ රථ වාහන තදබදයක් හටගෙන ඇති බව පොලිසිය සඳහන් කළේය.

මේ හේතුවෙන් හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය උපදෙස් ලබා දෙයි.

ඒ අනුව කොළඹට ඇතුලුවීම සඳහා කොල්ලුපිටිය හංදියෙන් ධර්මපාල මාවත ,ජේම්ස් පීරිස් මාවත හරහා කොම්පඤ්ඤවීදිය ඔස්සේ කොළඹට පැමිණිය හැක.

කොළඹින් පිටවීම සඳහාද කොම්පඤ්ඤවීදිය හරහා මාර්ගය භාවිත කළ හැකි බව පොලිසිය පවසයි.

Related posts

උතුරු නැගෙනහිර කඩිනම් සංවර්ධනය ජනපති අධීක්ෂණයෙන්

Mohamed Dilsad

ඊශ්‍රායෙලයේ වන්දනාවේ ගිය ශ්‍රී ලාංකිකයන් පිරිසක් පිටුවහල් කරයි…

Mohamed Dilsad

කේරල ගංජා තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවේ

Mohamed Dilsad

Leave a Comment