ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකාව මූල්‍ය විශුද්ධිකරණයේ අවධානම් ලැයිස්තුවට

(UTV| කොළඹ) – මූල්‍ය විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදී මූල්‍යකරණය සඳහා අවදානම් පවතින රටවල් ලැයිස්තුවට  ශ්‍රී ලංකාව ඇතුළත් කර තිබේ.

ඒ යුරෝපා සංගමය විසිනි.

ශ්‍රී ලංකාව මූල්‍ය ක්‍රියාකාරීත්වයේ අවදානම සහිත රටවල් 12ක ලැයිස්තුවකට ඇතුළත් කර ඇත.

මීට පෙර එම අවදානම් වැළැක්වීම සඳහා යුරෝපා සංගමය විසින් නිර්නායක ලබාදී තිබු අතර ඒවාට අනුගත වෙමින් නිසි ලෙස  කටයුතු නොකිරීම හේතුවෙන් මෙලෙස එම ලැයිස්තුවට ඇතුළත් කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාව සමඟ බැංකුමය කටයුතු දැඩි අවධානයකින් සිදුකළ යුතු බව මෙහිදී  නිර්දේශ කර තිබේ.

2019 වසර සඳහා එවැනි රටවල් 23ක අසාදු ලැයිස්තුවක් යුරෝපා සංගමය මගින් සකස් කර තිබුණි.

ශ්‍රී ලංකාව නම් කර ඇත්තේ එහි 8 වන ස්ථානයටය.

ඉරානය, පාකිස්තානය සහ සිරියාව ද එම ලැයිස්තුවට ඇතුළත්වේ.

මේ අතර බොස්නියාව, ගයානා, ලා ඕසය, උගන්ඩාව සහ වනවාටු එම ලැයිස්තුවෙන් ඉවත් කිරීමට ද පියවර ගෙන ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සහරාන්ගේ තවත් සගයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

2019 ගතවූ කාලය තුල මී උණ රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළට

Mohamed Dilsad

මහා මිනිස් ජාවාරමක ප්‍රධානියෙකු ශ්‍රී ලංකාවේදී අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment