(UTV| කොළඹ) – රත්නපුර ප්‍රදේශයේ රථවාහන සේවා සපයන මධ්‍යස්ථානයක් අසලදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.
ඊයේ(17) රාත්‍රියේ රත්නපුර , රද්දැල්ල මාර්ගයේදී මෙම වෙඩිතැබීම සිදුව ඇත.මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා රත්නපුරට රෝහලට ඇතුළත් කර ඇත.
මෙලෙස තුවාල ලබා ඇත්තේ ගල්ගමුව , කරන්ගොඩ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙක් බව පොලිසිය පවසයි.
වෙඩි තැබීම සිදුකළේ කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණ වී නොමැත.
ඒ සම්බන්ධයෙන් රත්නපුර පොලීසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]