ප්‍රමුඛ පුවත 1

බොරැල්ල කිංසි පාරේ නව රථ වාහන සැලැස්ම අද සිට දීර්ඝ කෙරේ.

(UTV| කොළඹ) – පෙරවරු කාලයේදී බොරැල්ල කිංසි පාරේ එක් දිශාවකට පමණක් වාහන ගමනාගමනය කිරීමට වෙන් කර ඇති කාලය අද (18) සිට දීර්ඝ කෙරෙන බව පොලිසිය පවසයි.

ඒ අනුව සෑම සතියේ දිනකම පෙරවරු 7.00 සිට පෙරවරු 8.00 දක්වා හෝර්ටන් පෙදෙස කිංසි පාර හන්දියේ සිට කේරි විද්‍යාල හන්දිය දක්වා එක් දිශාවකට පමණක් වාහන ධාවනය කිරීමට සැලසුම්කර තිබේ.

මීට පෙර අදාළ මාර්ගයේ එම අවස්ථාව ලබාදී තිබුණේ පෙරවරු 7. 30 සිට 8.0 දක්වා පමණයි.

මෙම පියවර ගෙන ඇත්තේ කොළඹ දෙසට ඇතුලුවන වාහනවලට අවහිරයක් සිදුවීම අවම කිරීමේ අරමුණින් බව පොලිසිය සදහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රාජගිරිය අවට දැඩි රථ වාහන තදබදයක්

Mohamed Dilsad

විමසිලිමත් වන්න – ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් උපදෙස්

Mohamed Dilsad

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය අද රැස්වේ

Mohamed Dilsad

Leave a Comment