විදෙස්

කාශ්මීරයට ඇඳිරි නීතිය පනවයි…

(UTV| කොළඹ) – පසුගියදා ඉන්දීය ආරක්ෂක හමුදා සාමාජිකයන් 40 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් කරමින් එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාව පුරා වෙසෙන කාශ්මීර වැසියන්ට විවිධ තර්ජන එල්ලවන බව එරට මාධ්‍ය වාර්තා කරයි.

ඒ ආකාරයේ සිද්ධීන් වාර්තාවීමත් සමඟ කාශ්මීර වැසියන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සියලුම ප්‍රාන්ත වෙත දැනුම්දී තිබේ.

ප්‍රහාරයෙන් පසු කාශ්මීර වැසියන් ප්‍රහාරවලට ලක්වීමේ සිද්ධිවලට එරෙහිව කාශ්මීරයේ හර්තාලයක් ආරම්භවී ඇති අතර, එහි ඇඳිරිනීතිය පනවා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර, ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් එළඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ඉන්දියාව, පාකිස්තානය සමඟ තරඟ නොවැදිය යුතු බව ඉන්දීය ක්‍රිකට් සමාජය පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බුරවි පැමිණීමෙන් දකුණු ඉන්දියාවේ ගුවන්තොටුපල 3 ක් වැසෙයි

Mohamed Dilsad

ලෝ පුරා කොරෝනා වෛරස් ආසාදිතයන් 83 ලක්ෂයට ආසන්න වෙයි

Mohamed Dilsad

අත්අඩංගුවට ගත් විජය මල්ලයා ඇප මත මුදා හරී

Mohamed Dilsad

Leave a Comment